Breaking News

නීතිය විහිළුවක් බවට පත් කරන්නේ නීතිපති ඇතුළු ආණ්ඩුපක්ෂ නීතියයි

චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි ඇතුළු සිසු-ජන නායකයන් සිරගත කර දින සීයක් ගතවී තිබෙන අතර ඔවුන්ව වහා නිදහස් කරන ලෙස බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ කොටුවේ දී අද උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එක රටක් එක නීතියක් හදන්නට කොමිෂන් දැම්මට අද මේ රටේ නීතිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන බවයි. එදා නීතිපති දෙපාර්තුමේන්තුව බැසිල් ලාට නඩු පැවරුවත් වර්තමානයේ නීතිපතිවරයා බැසිල් ලගෙ නඩු ඉල්ලා අස්කර ගන්න තැනට පත්වී ඇති බවත් මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී හිටපු ක්‍රියාදරයන් ව බොරු චෝදනා නගමින් සිරකරගෙන සිටින බව ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන දුමින්ද නාගමුව ප්‍රකාශ කරන්නේ මෙම සිරගත කිරීම දේශපාලන පළිගැනීමක් මත සිදුවෙන එකක් මිස නිතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් නොවෙන බවයි. ගොඩනගමින් තිබෙන මර්දනය හකුලා ගත්තේ නැත්නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

leave a reply