නීතිය විහිළුවක් බවට පත් කරන්නේ නීතිපති ඇතුළු ආණ්ඩුපක්ෂ නීතියයි

චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි ඇතුළු සිසු-ජන නායකයන් සිරගත කර දින සීයක් ගතවී තිබෙන අතර ඔවුන්ව වහා නිදහස් කරන ලෙස බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ කොටුවේ දී අද උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එක රටක් එක නීතියක් හදන්නට කොමිෂන් දැම්මට අද මේ රටේ නීතිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන බවයි. එදා නීතිපති දෙපාර්තුමේන්තුව බැසිල් ලාට නඩු පැවරුවත් වර්තමානයේ නීතිපතිවරයා බැසිල් ලගෙ නඩු ඉල්ලා අස්කර ගන්න තැනට පත්වී ඇති බවත් මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී හිටපු ක්‍රියාදරයන් ව බොරු චෝදනා නගමින් සිරකරගෙන සිටින බව ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන දුමින්ද නාගමුව ප්‍රකාශ කරන්නේ මෙම සිරගත කිරීම දේශපාලන පළිගැනීමක් මත සිදුවෙන එකක් මිස නිතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් නොවෙන බවයි. ගොඩනගමින් තිබෙන මර්දනය හකුලා ගත්තේ නැත්නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...