වෘත්තීය සමිති නායකයින්ට බොරු චෝදනා කරමින් රක්ෂණ සංස්ථාව විකුණන්න යන හැටි

Date:

රක්‍ෂණ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල මාරුකිරීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වුනි.

දිවාකර ඇතුගල වෘත්තිය සමිති කටයුත්තක් සඳහා කාර්යාලීය විද්‍යුත් තැපැල් පහසුකම් භාවිතා කිරීම, ආයතනයේ ඊමේල් ප්‍රතිපත්තියට පටහැනි බවට අර්ථකථනය කරමින් 2023.06.05 වන දින කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කලවාන ශාඛාවට මාරු කර තිබේ.

දිවාකර ඇතුගල, ලාභ ලබන රක්‍ෂණ සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහි වූ වෘත්තිය සමිති නායකයෙකි. මෙම කාර්යාලීය විද්‍යුත් තැපැල් ගිණුම් වෘත්තිය සමිති කටයුතු වලට කාලයක් තිස්සේ සියලුම වෘත්තීය සමිති විසින් භාවිතා කරන ලද අතර ඒ සඳහා මේ වන තුරුම කිසිදු බාධාවක් කිසිදු කළමණාකාරීත්වයකින් සිදුකර නැත. වෘත්තිය සමිති වෙත ලබා දී තිබුණු ඊමේල් ලිපින පවා මේ වන විට ඉවත් කර ඇති නිසා, සේවක අයිතියක් වන වෘත්තිය සමිති කටයුතු වලට මෙය යොදා ගැනීමට ආයතනයේ නීති, රීතිවලින් සීමා තිබුණේද නැත. එසේ තිබියදී දිවාකර ඇතුගල සහ රක්‍ෂණ පොදු සේවක සංගමයේ මාධ්‍ය ලේකම් නයෝමි හෙට්ටිආරච්චිට පමණක් එරෙහිව ගෙනයන මෙම අසාධාරණ කම්කරු පිළිවෙත සහ ද්වේශ සහගත පලිගැනීම කර ඇත. මෙම අසාධාරණ අයුක්ති සහගත මාරු කිරීමට එරෙහිව රක්‍ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලය සහ ශාඛාවල සේවකයින් දැඩි විරෝධයක් දක්වා ඇත. එහෙත් හිතුවක්කාරී, උද්දච්ච කළමණාකාරීත්වය මේ කිසිදු විරෝධතාවක් නොසලකා හරිමින් සිටී.

මේ වන විට ඔහුට දඬුවම් ස්ථාන මාරුවට අමතරව රක්‍ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීම පවා වළක්වා ඇත. එය අතිශය අසාධාරණ අයුක්ති සහගත සහ නීතිවිරෝධී කටයුත්තකි. එනම්,

මෙම වෘත්තීය සමිති නායකයා මාරුකිරීම පිටුපස තිබෙන ඇත්ත හේතුව වී තිබෙන්නේ ආණ්ඩුව විසින් ලාභ ලබමින් සිටින රක්ෂණ සංස්ථාව විකිණීමේ සැලසුමයි. වසරකට රුපියල් මිලියන 12,000 වැඩි ලාබයක් රක්‍ෂණ සංස්ථාව ලබමින් සිටියි. මෙය විකිණීමේ එක් පියවරක් ලෙස රක්‍ෂණ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් දිවාකර ඇතුගල එම වෘත්තීය සංගමයේ මාධ්‍ය ලේකම්වරිය වන නයෝමි හෙට්ටිආරච්චි වෘත්තීය සමිති කටයුතු වලට බාධා වන අයුරින් ප්‍රධාන කාර්යාලයෙන් පිටතට ස්ථාන මාරු කිරීම. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත වරක් කුණු කොල්ලයට විකුණුව හොත් පුද්ගලීකරණය වූ පෙර අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ සේවක ඉවත් කිරීම් ඇතුළු දරුණු ප්‍රතිවිපාක රැසකට සේවක සියලු දෙනාටම මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය හැකිය. එසේම, රටේ මහජනතාව සතු වටිනා සම්පතක් රටට අහිමි වීම අතිවිශාල පාඩුවකි. අතිවිශාල ආදායම් වාර්ෂිකව රජයට ලබා දීම පමණක් නොව සුරක්ෂා රක්‍ෂණ යෝජනා ක්‍රම වැනි රටේ දරුවන්ට අති විශාල ප්‍රතිලාභ ගෙන දෙන රක්‍ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, මහජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදෙන රක්‍ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදීම, රාජ්‍ය දේපළ රක්‍ෂණය කිරීම වෙනුවෙන් විශේෂ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම ආදී වටිනා වටිනාකම් රාශියක් අහිමි වීම නොවැළක්විය හැකිය.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...