උද්ධමනය තවත් ඉහළට – ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක

අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබේ.

ඉකුත් ජූලි මාසයේ දී පැවැති උද්ධමනය සියයට 5.7ක් වූ අතර එය සියයට 0.3කින් අගෝස්තු මාසයේ දී සියයට 6.0ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු වූයේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 11.0ක් ලෙස පැවැති අතර එය අගෝස්තු මාසයේ දී සියයට 11.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 3.2ක් ලෙස පැවැති අතර අගෝස්තු මාසයේ දී සියයට 3.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගි මිල දර්ශකයේ වෙනස සුළු වශයෙන් ඉහල ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඉකුත් ජූලි මාසයේ දී එම අගය සියයට 4.2ක් ලෙස පැවැති අතර එය අගෝස්තු මාසයේ දී සියයට 4.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වය

දකුණු ආසියාතික රටක් වන ශ්‍රි ලංකාවේ මුදල් ඒකකයේ වටිනාකම තියුණු ලෙස පහත වැටීම හේතුවෙන් ඉහළ යන ආහාර මිළ පාලනය කිරීම සඳහා රට තුල ‘හදිසි තත්වයක්’ ප්‍රකාශ කර ඇති බව BBC ය සිය ප්‍රධාන පුවතක් ලෙස ඊයේ වාර්තා කර ඇත.

හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම මගින් සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පාලනය කරන අතර ඒ මගින් මිළ ඉහල ගොස් උද්ධමනය ඇතිවීම පාලනය කිරීමේ උත්සහයක යෙදෙන බව ලංකාවේ බළධාරීන් ප්‍රකාශ කරන බව BBC ය වාර්තා කරයි.

මේ වසරේදී පමනක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල 7.5% පමණ පහත වැටී ඇති බවත් එම වාර්තාව සඳහන් වේ.

අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පුළුල් පරාසයක හදිසි තත්වයන් ක්‍රියාත්මක කිරීම සඳහා ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු’ ලෙස විශ්‍රාමික ජෙනරල්වරයෙකු රජය විසින් පත්කර ඇති අතර ඔහුට තොග සහ සිල්ලර වෙළඳුන් සඟවා ඇති භාන්ඩ අල්ලා ගැනීමේ බලය පවරා ඇත.

හදිසි තත්වය ප්‍රකාශ කරමින් ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ ‘අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග මිළදී ගැනීමෙන් ජනතාවට සහන මිළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට බලධාරීන්ට හැකි වන බවයි.

මේ අතර කිරිපිටි, භූමිතෙල්, ආහාර පිසිමේ ගෑස් ඇතුළු ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඒවා මිළදී ගැනීම සඳහා වෙලඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව ද BBC ය වාර්තා කරයි.

දකුණු ආසියානු කලාපය තුල සිය විනිමය අනුපාතය හා භාන්ඩ මිල පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක් දරන පලමු රට ශ්‍රි ලංකාව බවත් එම පුවතේ අවසානයට BBC ය සඳහන් කර තිබේ.

රජයේ ප්‍රතිචාරය

රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි.

ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනය කර සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...