Breaking News

රතන, විමල්, වාසුදේව, ගම්මන්පිල හදන නව දේශපාලන සංස්කෘතිය මොකක්ද?

ආණ්ඩුවෙන් වෙන්වුණු පක්ෂ කීපයක් එකතු වෙලා ස්වාධීන පක්ෂ එකමුතුව කියලා සන්ධානයක් අටව ගත්තෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් නෙරපා හරින්නට ඔන්න මෙන්න කියල තියෙන අවස්ථාවේ දී. තක්කඩි සන්ධානය දැන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ඒකාබද්ධ වී නව සන්ධානයක් පිහිට වන්නට කටයුතු කර තිබෙනවා- එහි සභාපතිවරයා ලෙස විමල් වීරවංශ පත්කර ඇති බව වාර්තා වෙනවා. එම සන්ධානයේ මංගල රැලිය අද පවත්වන්නට කටයුතු යොදා තිබෙනවා.

කවුද මේ සන්ධානයේ ඉන්නේ ?

ජාතික නිදහස් පෙරමුණ
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
පිවිතුරු හෙළ උරුමය
ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය
ලංකා සමසමාජ පක්ෂය
යුතුකම ජාතික සංවිධානය
විජයධරණී ජාතික සභාව

වාසුදේව නානායක්කාර ‍ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ප්‍රකාශ කරනවා ඔවුන් මේ රටේ ජනතාවගෙන් බලය ලබා ගන්න කටයුතු කරනවා කියලා. හැමකෙනෙක්වම මේ සන්ධානයට එකතු කරගන්නට ඔවුන් උත්සාහ දරන බව වාසුදේව කියනවා.

අතුරලියේ රතන නියෝජනය කරන්නේ විජයධරණී ජාතික සභාව. රතන ප්‍රකාශ කරන්නේ මේ පවතින ක්‍රමයට මතවාදී දේශපාලන සංස්කෘතික වශයෙන් වෙනස් වූ ක්‍රමවේදයක් නිර්මාණය කරන්නට මේ සන්ධානය ගොඩනඟනවා කියලා. ප්‍රභූවරු වන්දනාව ලොකු ලොක්කන්ට ඉහළ පුටු දීම ඇතුළු මේ පවතින ක්‍රමය ඇතුලේ තියෙන ගතානුගතික දේශපාලන ප්‍රවාහයෙන් බැහැරව නව දේශපාලන සංස්කෘතියක් හදන්න තමයිලු මේ අය මේ සූදානම් වෙන්නේ.

විමල් වීරවංශ, අතුරලියේ රතන, උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර ඇතුළු මේ නඩය අද අපේ රට පත් වී තිබෙන ආගාධයේ කොටස්කරුවන්. ඔවුන්ට තවදුරටත් නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න තියා ලැජ්ජාවකින් තොරව ජනතාව ඉදිරියට ඇවිදින් තමන්ට බලය ලබා දෙන්න කියලා කියන්න සදාචාරාත්මක අයිතියක් නෑ.

ජනතාවගේ ධනය අමු අමුවේ මහ දවල් කොල්ල කාපු රනිල් වික්‍රමසිංහ වැනි හොරෙක්ට ජනාධිපති වෙන්න ව්‍යවස්ථාව ට මුවා වෙලා පාර කැපුවා පමණක් නොවෙයි අද ජනතාව පීඩාවට පත් කරන සියලුම දේ අනුමත කරමින් රාජපක්ෂලාගේ දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙනියන්නට අනුබල දෙන කණ්ඩායමක් තමයි මේ.

මේ තක්කඩි රැල නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න කියමින් පැමිණෙන්නේ කුමකටද කියන එක ජනතාව තේරුම් ගත යුතුයි. මේ වෙනවිට ගිලිහෙමින් පවතින රාජපක්ෂ දේශපාලනය නැවත වෙනස් මුහුණුවරකින් වෙනත් වටයකින් තාහවුරු කරමින් ජනතාවගේ බලය කොල්ලකමින් නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් තුළ රාජපක්ෂලා ප්‍රමුඛ මේ හොර නඩය බලය තහවුරු කරගැනීම සඳහා ගොඩනගන්නා වූ වංචනික හවුලක් බව ජනතාව මෙය තේරුම් ගත යුතුයි.

leave a reply