රඹුක්කන ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට

රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැණුනේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ අප්‍රේල් 27 මේ නඩුව විභාගයට ගැනුණු අවස්තාවේදී රඹුක්කන ජන විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එවකට කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අප්‍රේල් 27 පොලිස්පතිවරයාට නියෝග කර සිටියාය.

ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී අප්‍රේල් 19 වැනි දා පැවැති විරෝධතාවයට පොලිසිය වෙඩි තැබීමෙන් 41 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් මිය ගියේය.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...