රඹුක්කන ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට

රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැණුනේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ අප්‍රේල් 27 මේ නඩුව විභාගයට ගැනුණු අවස්තාවේදී රඹුක්කන ජන විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එවකට කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අප්‍රේල් 27 පොලිස්පතිවරයාට නියෝග කර සිටියාය.

ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී අප්‍රේල් 19 වැනි දා පැවැති විරෝධතාවයට පොලිසිය වෙඩි තැබීමෙන් 41 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් මිය ගියේය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...