ජනාධිපතිවරයාගේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවෙන් පිටව යන අතරතුර මන්ත්‍රී රාහුෆ් හකීම් මන්ත්‍රීවරයා අයවැය පිළිබඳව දැක්වූ අදහස වූයේ අලුත් වචන යොදාගෙන අති දක්ෂිණාංශික අයවැයක් අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ බවයි.
පඩි වැඩි කිරීමේදී පවා කෑලි කෑලි විදියට පඩි වැඩි කිරීමක් මෙහිදී සිදුකර ඇති බවත් වර්තමාන ආණ්ඩුවේ විපක්ෂ භූමිකාව තුළ ඉදිරිපත් කළ වමේ ප්‍රතිපත්ති සහ වමේ වැඩපිළිවෙළ පිළිබඳ කිසිදු අදහසක් නැති බව ඔහු කියා සිටියා . ඉදිරිපත් කළ අයවැය යෝජනා පිළිබඳ හොඳ පැහැදිලි වීමක් සිදුවන්නේ එය ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නා විට බවද රාහුෆ් හකීම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා .
ඒවගේම මේ අභිනව ජනාධිපතිවරයාගේ අයව ජනතාවට අවශ්‍ය කරන දේවල් තියෙන බවත් අපි පිළිගන්න ඕනේ .