Breaking News

ප්‍රසන්න කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පහර කෑ සේවකයාට සාධාරණය ඉෂ්ටවේද?

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය අඟහරුවාදා අලුයම ගුවන් තොටුපළ සේවකයෙකුට තර්ජනය කරමින් පහර දෙන ආකාරය ඇතුලත් වීඩියෝ පටය තවමත් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තියෙනවා. මේ වීඩියෝ පටය උපයෝගී කරගෙන වහම ක්‍රියාත්මක වී පොලිසිය ප්‍රසන්න රණවීරව අත්අඩංගුවට ගතයුතුව තිබුණා . එම ගුවන් තොටුපළ සේවකයා පහර කෑමට ලක්වන්නේ ඔහු සේවයේ නියුතුව සිටියදීයි. පැමිණිල්ලක් ලැබී නොමැති නිසා ඒ පිළිබඳව විමසා බැලුවේ නැහැ කියලා ප්‍රකාශ කළත් පසුව මේ වීඩියෝ පටය සමාජගත වුණයින් පසුව හෝ පොලිසියට ඕනෑ තරම් අවස්ථාව තිබුණා ප්‍රසන්න රණවීරව මේට අදාළව අත්අඩංගුවට ගන්න හැබැයි පොලිසිය කළේ කුමක්ද ඔහුට කැඳවීමක් කරලා කට උත්තරයක් ලබා ගැනීම පමණයි.

ප්‍රසන්න රණවීරගෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා ඉන් අනතුරුව සේවයට පැමිණ නැති අතර ඔහුව තවදුරටත් සොයා ගැනීමට නොහැකි බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ සිදුවීම හේතු කොට ගෙන ඔහුට යම් අසාධාරණයක් සිද්ධ වී තිබෙන බව අප කාටත් වැටහෙන කරුණක්. ඒකට වගකිව යුත්තේ ප්‍රසන්න රණවීර. එසේ නම් මේ සේවකයාට සාධාරණය ඉෂ්ට කිරීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රසන්න රණවීරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු නොවේද? .

ශ්‍රී ලංකාවට ඇතුල්වෙන විදේශිකයන්ට වීසා ලබා දීම ඉන්දියානු සමාගමකට බාරදී ඇති බව දැනගත් තරුණයෙකු එය සමාජයට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් චිරාන් අලස් ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍යයට ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක එවැනි ආකාරයට හැසිරෙන්නට ඉඩක් නොමැති බවයි. එසේ හැසිරෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පසුබට නොවන බවයි.

මේ රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර හැසිරී ඇත්තේ චන්ඩියෙකුගේ භූමිකාව නිරූපණය කරමින්. මේ චන්ඩියාට ලිහිල් ප්‍රතිපත්තියකින් නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි. ඒ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් නිසා බව අපට නම් පැහැදිලිය. මේ සිදුවීම සාමාන්‍ය පුද්ගලයෙක් අතින් සිදු වූවා නම් මේ වන විට එම පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක වන ක්‍රමය මීට වඩා දරුණු වන්නට ඉඩ තිබුණි.

ඉතින් නීතිය යනු එකක් නොව දෙකක් බව මෙයින්ද පැහැදිලිවන කරුණයි.

leave a reply