Breaking News

වෙනත් භාෂාවකින් වෙනස් කතාවක් කියන”Barbaad” Chattisgarhi Song

හිල්මි සුපුන් 

අමිල සඳරුවන් “John Cena Ape Podi Ekata Gahala” ගීතය යූ ටියුබ් එකට දාන්නෙ 2019 ඔක්තෝම්බර් මාසයේ . ඒ ගීතයට දැන් අවුරුදු 12ක් පමණ වෙනවා. ගීතෙන් නරඹලා තියෙන්නේ වසර දොළහටම 126 900 පමණයි. අමිල ආයෙත් අලුත් වැඩක් කරලා “john cena” මෙලඩිය ඇතුලේ වෙනත් භාෂාවකින් වෙනත් කතාවක් කියනවා.”Barbaad” Chattisgarhi Song – (Jhon cena chattisgarhi Version ) ගීත යූටියුබ් එකට දාලා තවම දින තුනයි.

ගීතය යූ ටියුබ් එකට දාපු දවසේම කවුරුහරි ලින්ක් එක එවලා තිබුණා. 2009 john cena ගීතය අහපු වෙලාවේ ඒකෙ අපූරු රහක් දැනුනා. ඒ ගීත නිර්මාණය වෙන්න පසුබිම් වෙච්ච කතාව දේශපාලනය, සංස්කෘතිය, තවම වෙනස්වෙලා නැති නිසාත් ගීතය තුල කතාකරන මාතෘකා, නරා වල් වල අපි තවම හිර වෙලා ඉන්න නිසා “john cena” ගීතය තවමත් අහද්දි අපි ඉන්න තැන පිළිබඳව නැවත හිතා බලන්න කැසිල්ලක් ඇතිවෙනවා.

“john cena” ගීතෙන් පස්සෙ අමිල අලුත් නිර්මාණ කීපයක්ම ඒ ළඟ ළඟම කළා. නමුත් ඒ නිර්මාණ බහුතර සමාජයට අහන්න රසවිඳින්න අවශ්‍ය ප්‍රමාණයට බරක් වැටිලා සංසරණය වුණේ නැහැ. අමිල, ගීතදේව, ඇතුළු විකල්ප ධාරාවේ ගීත කලාව ප්‍රචලිත කළ Down Town Pulse වේදිකාවේ ගීත ගයපු බොහෝ දෙනෙක් කොළඹ කේන්ද්‍ර කරගත් දේශපාලන කව ඇතුලේ, ප්‍රබුද්ධ සංවාද ඇතුලෙ පමණක් සංවාද කර විවාද කර නිර්මාණ ඒවා ඇතුළෙම අත හැර දාපු කලා කාරයෝ බවට පත් වෙලා ඉන්නවා. කලා නිර්මාණයක් ඇතුලෙ මොනතරම් හොඳ කතාවක් කිව්වත් පලක් වෙන්නෙ නැහැ ඒ නිර්මාණය බහුතර ජනතාවකට රසවිඳින්න පරිහරණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැතිනම්. එය නිර්මාණකරුවාගේම වරදක් නොව වාණිජ උවමනාවන් මත සහ දේශපාලන වුවමනාවන් මත ‍ක්‍රිරියාත්මක වෙන අධිපති රාජ්‍ය මාධ්‍ය මගින් ඒවා මඟ හැරීමේ ප්‍රතිඵලයකි.

වර්තමාන ගීත කලාව වාණිජ උවමනාවන් මත බිහිවන ඒවා මිස අසන්නන්ගේ රසාස්වාදය වින්දනය සාරවත් කිරීම අරමුණු කොට ගෙන බිහි නොවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් කාන්තා අඩ නිරුවත හෝ කාන්තා රුව කැපී පෙනෙන ආකාරයෙන් යොදා ගනිමින් නිර්මාණය කරන විශුවල්ස් වලට කුමක් හෝ කිරීමේ ගීත කලාවකි අද ප්‍රචලිත වී ඇත්තේ. මේ වාණිජකරණයට ලක් වූ විෂුවල් ගීත කලාව තුළ අමිලලාගෙ නිර්මාණ හොඳ නිර්මාණ වුණත් ගමන් කරන දුර ඉතාම කෙටිය. වසර 12 කට “john cena” ගීතය නරඹා ඇති ප්‍රමාණයෙන් එය සනාථ වෙයි.

අමිලගේ අලුත් ගීතය අහපු මුල් අවස්ථාවේදීම මතකයට ආවේ “john cena” ගීතයේ වචන ටික. මේ නව ගීතයටත් යොදා ගෙන තියෙන්නේ “john cena” ගීතයේම melodian හා සමානම එකක්. අමිලගේ ගායනය විලාශයත් “john cena” ගීතයේ විලාසයමයි . වෙනසකට ඇත්තේ භාෂාවය. භාෂාව අපට නොතේරුණත් හුරුපුරුදු සංගීතය අපේ කනට හුරු නිසා නුහුරු භාෂාවෙන් හුරු වචන අපේ මතකයට ආවත්, ඇත්තටම මේ නූහුරු භාෂාවෙන් කියන්නේ මොකක්ද කියන එක අපි දන්න භාෂාවෙන් දැනගැනීම වැදගත් සහ ගීතයේ රස විඳිද්දී උපරිම රසයක් විඳ ගැනීම සඳහා නව ගීතයේ සිංහල පරිවර්තනය අත්‍යවශ්‍යම වෙනවා. ගීතය අහලා අනිත් පැත්ත හැරිලා අමිලට මැසේජ් එකක් දැම්මා පුළුවන්නම් මේ ගීතයේ සිංහල තේරුම එවපන් කියලා. අවුලක් නැතුවම එක එවල තිබ්බා. ඉතින් දැන් අපිට ගීතයේ රස විඳලා තේරුම දැනගන්න මුළු වස්ථාව ලැබිලා තියෙනවා.

Chattisgarhi version of “Jhon Cena” original sinhala song චත්තිස්ගර් ගීතයෙහි තේරුම සිංහලෙන්

නැතිබංගස්තාන වෙලා…
හැම එකාම
නංනත්තාර වෙලා…

ෆෝන් එකේමයි
කෙල්ලොත් එක්ක වටේමයි
නැගිට්ට වෙලේ ඉඳං බෝතලේ කටේමයි

මූණු හදා ගන්න එකමයි
සෙල්ෆි ගහගත්ත ගමංමයි
මූණු හදා ගත්තට පස්සෙත්
නැතිබංගස්තාන වෙන එකමයි

සල්ලි නං ඕනෙම තමයි
පැලෙන්න හම්බ කලාට පස්සෙත්
මුං නැතිබංගස්තාන වෙන එකමයි

ඉතිං හැම එකාම මගෙන් අහනවා
මොකද්ද පුතේ මේකට කරන්නෙ ?

කිව්වා මම
වීරිය අරන්
කුලු ගෙඩියකින්
ගහ ගනිං තොගෙ
ඉහ මොළ හෙලවෙන්නට …

නැතිබංගස්තාන වෙලා
හැම එකාම
නංනත්තාර වෙලා…..
මුං නැතිබංගස්තාන වෙලා…..

තරුණ වැඩිහිටි මහලු කිසිවකුත් මගහැරෙන්නේ නැතුව නවලිබරල් මඩ ගොහොරුව ඇතුලේ විවිධ ඉසව්වල නන්නත්තාරවීම සමාජයක් හැටියට ලෝකයක් හැටියට දරාගන්න බැරි තරමටම අපාගත නන්නත්තාරවීමක් බවට පත්වෙලා තිබෙනවා. ඉහමොළ හෙලවෙන්න ඔලුවට ගහ ගත් පලියට මේ නන්නත්තාර වීමෙන් මිදෙන්න බැරිමුත් අපිට මොකද වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගැනීමට හරි නන්නත්තාර වෙලා තියෙන මොළය පැහැදිලිය අරමුණකට ගැනීම වැදගත් වෙනවා.

වර්තමාන මේ ක්‍රමය ඇතුලේ නන්නත්තාර වෙලා ඉන්න සමාජය අවඥාවට සහ හාස්‍යයට ලක්කරමින් අමිල හිනහ වෙන්න උත්සාහ කරන්නේ අපිට. අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා සමාජයක් රටක් හැටියට අවඥාවට ලක්වෙන්නේ කිනම් හේතුවක් මතද කියන එක. අමිල ප්‍රතිඵලයට හිනාවෙන අතර එහි ගොදුරක් බවට පත්ව හිඳිනා අපි හේතුව සොයා හේතුවට පිළියම් යෙදිය යුතුමයි.
නැතිනම් ඌ හෙටත් අපිට කියවී.

නැතිබංගස්තාන වෙලා
හැම එකාම
නංනත්තාර වෙලා…..
මුං නැතිබංගස්තාන වෙලා….. කියලා

හිල්මි සුපුන්

 

leave a reply