කාන්තා මීටර් 400 රන් පදක්කම වසර 23කට පසු යළිත් ලංකාවට!

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබේ.

ඒ් අනුව ආසියානු ශූරතාවලියේ ඒකල රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලාංකිකයා බවට ඇය පත්විය.

කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කළ නදීෂා එහි රන් පදක්කම හිමිකර ගත්තේ තත්පර 52යි දශම 6යි 1ක කාලයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී වත්මන් ශූරතා වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසිනි.

ඒ අනුව එය වසර 23කට පසුව ලැබූ රන් පදක්කමයි. මෙය පදක්කම මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් තෙවැනි පදක්කමයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...