කාන්තා මීටර් 400 රන් පදක්කම වසර 23කට පසු යළිත් ලංකාවට!

25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට නදීෂා රාමනායක සමත් වී තිබේ.

ඒ් අනුව ආසියානු ශූරතාවලියේ ඒකල රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලාංකිකයා බවට ඇය පත්විය.

කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කළ නදීෂා එහි රන් පදක්කම හිමිකර ගත්තේ තත්පර 52යි දශම 6යි 1ක කාලයක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී වත්මන් ශූරතා වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසිනි.

ඒ අනුව එය වසර 23කට පසුව ලැබූ රන් පදක්කමයි. මෙය පදක්කම මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් තෙවැනි පදක්කමයි.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...