Breaking News

රනිල් වික්‍රමසිංහගේ විශේෂයක් නැති විශේෂ ප්‍රකාශ

හැකිලෙමින් තිබුණු ආර්ථිකය යළි පිබිදෙන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා. වර්තමාන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ මුළු මහත් සමාජය පුරාම දකින්න තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා. රනිල්ට අනුව රටේ ආර්ථිකය වර්ධනය වෙලා ඒ හින්දා වෙන දේවල් රනිල් උදාහරණ විදිහට ගෙනත් පෙන්නනවා. අනුරාධපුර සිරිපාදේ තලවිල මඩු පල්ලි වන්දනාවේ මිනිස්සු යනවලු. ඒ විතරක් නෙවෙයි. නුවරඑළියේ විනෝද චාරිකත් යනවලු. රට පුරා සංචාරකයෝ දකින්නත් ඉන්නවලු. මේ දේවල් වෙලා තියෙන්නෙ රටේ ආර්ථිකය වර්ධනය වෙලා තියෙන නිසාලු.

කොහොමද රටේ ජනාධිපතිවරයා රටේ ආර්ථික වර්ධන වේගය හඳුනා ගන්න විදිහ සහ රටේ මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා කියන්න ගන්න උදාහරණ පිස්සු හැදෙනවා නේද.?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශේෂ ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක්.

ක්‍රමානුකූලව තව සහන දෙන බවත් රනිල් වික්‍රමසිංහ මේ විශේෂ ප්‍රකාශය ඇතුලේ ප්‍රකාශ කරනවා. රටේ ආර්ථිකය පිබිදෙන බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ අපි ගෙවීමට තිබෙන ණය තව අවුරුදු හතර පහකට හංගන්න උත්සාහ දරමින් ඉන්න බවද ප්‍රකාශ කරනවා.

ගෙවන්න තියෙන ණය නොගෙවා රටේ ආර්ථිකය වර්ධනය වෙලා කියන එක මොනතරම් මුසාවක්ද ?

ඇයි අපි එසේ පවසන්නේ

තවදුරටත් රනිල් වික්‍රමසිංහ පුරසාරම් දොඩමින් සිදු කරමින් සිටින්නේ IMFඑක සමග එකතුවෙලා රටට ණය ලබා ගැනීමයි. අලුතෙන් ණය ලබාගන්න ගමන් පරණ ණය නොගෙවා ඉදමින් තමයි රනිල් මේ උප්පරවැටියෙ යොදලා විජ්ජා පෙන්නමින් ඉන්නේ.

රනිල් ක්‍රමානුකූලව සිදුකරමින් ඉන්නේ අප එකපාර ඇද වැටෙන්නට සලස්වන තඩි බොරු වලක් නිර්මාණය කිරීමයි.

leave a reply