Breaking News

ජන ඝාතන ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිමු –  ඉතාලි ජනතාවගේ විරෝධය එල්ල වේ

ඊශ්‍රායල් පලස්තීන ගැටුම නැවත වර්ධනය වීම අද ලෝකයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. මේ ගැටුම තුළ  ඊශ්‍රායලය  පලස්තීනය ට එරෙහිව සිද්ධ කරන ජනඝාතනය  ‍ ප්‍රගතිශීලී ලෝක ප්‍රජාව හෙළා දකිමින් සිටිනවා. ලෝකෙ පුරා ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනයේ නිදහස වෙනුවෙන් ජනතාව වීදි බසිමින් උද්ඝෝෂණය කරමින්  තම විරෝධය පළ කරන ආකාරය දැකගන්න තිබේ.ඒ  අතර මැයි 15  වනදා ඉතාලියේ ප්‍රධාන නගර කිහිපයකම   ඊශ්‍රායලයේ ජනඝාතන වියරුවට එරෙහිව  උද්ඝෝෂණ පවත්වනු ලැබුවා. අධිරාජ්‍යවාදී  නග්න උවමනාව  පරාජයට පත් කිරීම සඳහා   මේ උද්ඝෝෂණ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටු  සහෝදර සහෝදරියන්ද තමන්ගේ  දායකත්වය  සහයෝගය පළ කර තිබේ.

leave a reply