එවැනි වෘත්තියක්ද එවැනි කියවීමෙි සංස්කෘතියක්ද ඇති ලෝකයේ එකම රට කියුබාවයි

කියුබාව විදේශ විනිමය උපයන ප්‍රධාන ආදයමි මාර්ගයක් තමයි ‘‘ හවානා සුරුටිටු ‘‘ මෙික ඡාති කිහිපයකින් මිහිරි සුගන්ධයක් සහිතව විදෙස් වෙළදපොලට ඉදිරිපත්කරනව. – සැන් ක්‍රිස්ටෝබල්ස්, මොන්ටෙක්‍රිස්ටෝස්, කියුබාස්. කියල. හවානාවල විතරක් තියෙනව මෙි සුරුටිටු කර්මාන්ත ශාලා සිය ගණනක්. මෙි සුරුටිටු කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයන්ට දිනපතා තමන් වැඩ කරන අතර තුර අහන්න ලැබෙනව විශ්වසාහිත්‍යයේ අනර්ඝ කෘතීන්. ඒවා ශේක්ෂිපියර්. ඇලෙක්සැන්ඩර් ඩූමා , ලියෝ ටෝල්ස්ටෝයි, මිහායිල් ෂොලහවිගේ සිට පාවුලෝ කොයියෝ, ඉසබෙල් ඇලන්ඩෙි හෝ ගාබිරියෙල් ගාර්ෂියා දක්වා විහිදෙනව.

සියලු කමිකරුවන්ට ඇහෙන්න පොත කියවන කෙනා ඉන්නේ ශාලාවෙ මධ්‍ය යේ හෝ පෙරමුනේ. මෙි කියවන්නාට වැටුපක් ලැබෙනව.ඔහුට හෝ ඇයට එම වෘත්තීය සදහා ලෝක සාහිත්‍ය ගැන හසල දැනුමක් අවශ්‍යයි. මෙහිදී කියවන්නෙ පොත් පමණක් නෙවි ලෝකයේ විවිධ පුවත්පත් සහ සගරා හා කාව්‍යද ඒ අතර වෙනව. මෙික කියුබන් විප්ලවයෙන් ඇතිවුන දෙයක් නෙවි. ඊට සියවසකටත් පෙර කියලයි කියන්නෙ. හැබැයි මෙි කමිකරුවන් කියවීමෙන් ලත් මහා දැනුම කියුබන් විප්ලවය සාර්ථක කර ගන්න මහා මෙහෙවරක් ඉටු කලා . මොකද ඒ වෙනකොට සුරුටිටු කර්මාන්තශාලාවල වැඩ කලා කමිකරුවන් දස දහස් ගණන් ඔවුනොවුන් තමන්ගේ රට ගැනත් ලෝකය ගැනත් දේශපාලනමය,සාහිත්‍යමය හා සමාජමය වශයෙන් දැනුමෙන් සන්නද්ධයි.

දැනුමෙන් සන්නද්ධ මිනිස්සු එක්ක විප්ලව කරන්න ලේසියි.

ඉතිහාසඥයින් පවසන්නේ මෙම පුහුණුව 1865 දී පමණ ආරම්භ වූ බවයි. එල් ෆෙගාරෝ සුරුටිටු කම්හලේ කම්කරුවන් තමන්ගේ කාන්සිය මකා ගැනීමට එක් සගයකු යමක් කියවීමට තෝරා ගත්හ. පසුව ඔවුන් වැටුපක් ගෙවීමට සූදානම් විය. කර්මාන්තශාලා හිමියන්ගේ මූලික ප්‍රතිරෝධය නොතකා, පුහුණුව ව්‍යාප්ත වු අතර. අනතුරුව එය හවානාහි සියලු සුරුටිටු කර්මාන්ත ශාලාවල ප්‍රධාන අංගයක් විය.

කියුබානු නිදහසේ අධ්‍යාත්මික වීරයා ජෝස් මාටි වරක් ෆ්ලොරිඩාවේ කර්මාන්ත ශාලාවක සේවය කරන සංක්‍රමණික කියුබානු දුම්කොළ කමිකරුවන්ට මෙසේ පොතක් කියවීමට පැමින ඇති බව සදහන්ය. නිව් යෝර්ක්හි ශාන්ත ජෝශප් විද්‍යාලයේ කියුබානු සංස්කෘතිය පිළිබඳ විශේෂඥ හා ස්පාඤ්ඤ භාෂාව පිළිබද මහාචාර්ය මාරියා ඉසබෙල් අල්ෆොන්සෝ පවසන්නේ මෙම රැකියාව “කියුබානු සාමූහික පරිකල්පනය තුළ විශේෂ ස්ථානයක් ගනී‘‘ පනුවෙනි.

අද වන විට හවානාහි කියවන වෘත්තිකයන් 200 කට වැඩි පිරිසක් රජයේ කර්මාන්තශාලා වල කාර්ය මණ්ඩලයේ සිටිති. කියුබානු රජය මෙම කාර්යය “ජාතියේ සංස්කෘතික දේශපේ‍්‍රමයක්” ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

1996 දී, කුඩා දරුවන් දෙදෙනෙකු සිටින මවක් වූ ලාරා, ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස සේවය කරමින් සිටියදී ලා කොරෝනාහි කියවීමෙි ඇබෑර්තුවක් විවෘතව ඇති බව දැනගන්නට ලැබුණි. ඇය අයදුම් කළ අතර එකී වෘත්තියටම අයදුමි කල පිරිමි කියවන්න දෙදෙනෙකු සමඟ ඇයට කියවීමෙි තරගයක් ලබා දෙන ලදී.
“අපි දින 20 ක් කියවීමට ගත කළෙමු … ඡන්දය පැමිණි විට කම්කරුවන් මාව කර්මාන්තශාලා කියවන්නා ලෙස තෝරා ගත්තා.
.”
මගේ ඡිවිතයේ අසීරුතම කියවීම ලැබුනේ පිදෙල් කැස්ත්‍රෝ මිය ගිය දිනයි
ඔහු නැති පාඩුවෙන් අපි හඩා වැලපුණෙමු. ඒ වෙිදනාව ගැන යමෙකුට හැඟෙන දේ විස්තර කිරීමට මට වචන තිබුනේ නැත,” ඇය පැවසුවා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *