හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සපයා ඇති බවත් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ 19 දෙනෙකු යොදවා ඇති බව එම විශේෂ කාර්ය බලකායේ ජේෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට ප්‍රකාශ කළ බවට පුවතක් පලවී තිබෙනවා . ඔහුගේ සමීප ආරක්ෂාවට බටයන් හත් දෙනෙකුත් ඔහු යන එන තැන් ආරක්ෂා කිරීම සඳහා දොළොස් දෙනෙකුත් යොදවා ඇති බව තමයි ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඒ අතර මේ සම්බන්ධයෙන් වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර තිබුනේ සෑම සය මසකට වරක් ලබාගන්නා වාර්තාවකට අනුව ජීවිත තර්ජන ඇති අයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නට රජය කටයුතු කර ඇති බවයි . එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ටිරාන් අලස්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කරන බවයි.
මේ අතර වර්තමාන ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු කරමින් රාජපක්ෂගේද ආරක්ෂාව අඩු කිරීම හරහා ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවට නැගෙන චෝදනාවද එලෙසම පවතින අතර මහින්ද රාජපක්ෂ තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලන්න යැයි ඉල්ලමින් අධිකරණය හමුවටද ගොස් සිටි.
සමාජය ප්‍රශ්න කරන්නේ වර්තමාන ජනාධිපතිවරයාටත් නැති ජීවිත තර්ජනයක් ටිරාන් අලස් හා සම්බන්ධයෙන් මතුවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නිසාද එසේත් නොමැති නම් ආණ්ඩුව හා ටිරාන් අලස් අතර පවතින යම් වෙනත් දේශපාලන ගනුදෙනුවක් නිසාද යන්න පිළිබඳවයි.
මැතිවරණ සමයේදී පවා ටිරාන් අලස් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පවතින දේශපාලන ගනුදෙනුව පිළිබඳව සහ අප්‍රකාශිත මිත්‍රකම පිළිබඳව කතාබහ මතුවී තිබුණා. එපමණක්ද නොව වර්තමාන ආණ්ඩුව විසින් ගෙනයන වංචා දූෂණ වැඩපිළිවෙල ඇතුළේ තවමත් ටිරාන් අලස් හා සම්බන්ධ චෝදනා පත් කරළියට නොයෙන්නේ ද මේ අප්‍රකාශිත මිත්‍රත්වයේ අනුහසින් බවට විවේචන එල්ල වෙනවා.