අතපය හතරේ කතාව

අතපය හතර කියන්නේ “හම්බුකරන් කන්න තියෙන හැකියාව” මනින සර්ව සාධාරණ නිර්ණායකයක් නෙවෙයි. අතපය හතර තිබ්බට තව ශාරීරික ලෙඩ රෝග තියෙන මිනිස්සු ඉන්නවා. තමන්ගේ පවුලේ, හිතවතුන්ගේ ජීවිත වල වගකීම කරට ගත්ත මිනිස්සු ඉන්නවා. ජීවිතේ අමිහිරි අත්දැකීම් හෝ වෙනත් කාරණා නිසා මානසික පීඩාවන්ට ලක්වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. කෑම, පිරිසිදු වතුර, ඉහට වහළක්, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් වගේ මූලික අවශ්‍යතා ලබාගන්න එක හැමදාම අභියෝගයක් වෙච්ච මිනිස්සු ඉන්නවා.
සරලවම කිව්වොත් අතපය හතර ඇර වෙන මොනවත්ම නැති මිනිස්සු ඉන්නවා.
ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහා ඈත ඉඳන් පටු කෝණ වලින් බලලා ඒ අයගේ හැකියාවන්, එයාලා කලයුතු දේවල්, එයාලට උදව් අවශ්‍ය නෑ කියලා තීරණය කරන්න අපිට බෑ. ඒ ඔවුන්ගේ ජීවන අත්දැකීම්, ඔවුන් විඳපු, විඳින ශාරීරික හා මානසික පීඩාවක් දන්නේ ඔවුන් විතරක්ම නිසා.
මේ කියන්නේ සුබසාධන ක්‍රමවේද වල වැරදි අඩුපාඩු නැති බව වත්, ඒවා නිවැරදි විය යුතු නෑ කියලවත් නෙවෙයි. වංචාකාරීව සුබසාධන මුදල් හොරාකෑම නවත්තන්නම ඕනේ. ඒත් මේ කියන්නේ ඒත් එක්කම මතුවෙන අසංවේදී තර්කයක් ගැන.
රටේ පාලකයෝ හොරකමින්, වංචාවෙන් හිතාමතාම රටේ ආර්ථිකය කඩා වට්ටලා දුප්පත් මිනිස්සු පිට බර පටවද්දි පුලුවන්නම් ජීවත් වෙයව්, නැත්නම් මැරිලා පලයල්ලා කියන සමාජයක් දියුණු වෙයි කියලා හිතන්න බෑ. දියුණු සමාජයක් ගොඩ නගන්න නම් අපි කරන්න ඕනෙ ඔවුන්ට ජීවිතය දිනන්න තියෙන බාධක ඉවත් කරන්න රජය පොළඹවන එක මිසක් ඔවුන්ට ලැබිය යුතු සහනාධාර ඉවත් කරන්න කියලා බල කරන එක නෙවෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...