අතපය හතරේ කතාව

අතපය හතර කියන්නේ “හම්බුකරන් කන්න තියෙන හැකියාව” මනින සර්ව සාධාරණ නිර්ණායකයක් නෙවෙයි. අතපය හතර තිබ්බට තව ශාරීරික ලෙඩ රෝග තියෙන මිනිස්සු ඉන්නවා. තමන්ගේ පවුලේ, හිතවතුන්ගේ ජීවිත වල වගකීම කරට ගත්ත මිනිස්සු ඉන්නවා. ජීවිතේ අමිහිරි අත්දැකීම් හෝ වෙනත් කාරණා නිසා මානසික පීඩාවන්ට ලක්වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. කෑම, පිරිසිදු වතුර, ඉහට වහළක්, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් වගේ මූලික අවශ්‍යතා ලබාගන්න එක හැමදාම අභියෝගයක් වෙච්ච මිනිස්සු ඉන්නවා.
සරලවම කිව්වොත් අතපය හතර ඇර වෙන මොනවත්ම නැති මිනිස්සු ඉන්නවා.
ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහා ඈත ඉඳන් පටු කෝණ වලින් බලලා ඒ අයගේ හැකියාවන්, එයාලා කලයුතු දේවල්, එයාලට උදව් අවශ්‍ය නෑ කියලා තීරණය කරන්න අපිට බෑ. ඒ ඔවුන්ගේ ජීවන අත්දැකීම්, ඔවුන් විඳපු, විඳින ශාරීරික හා මානසික පීඩාවක් දන්නේ ඔවුන් විතරක්ම නිසා.
මේ කියන්නේ සුබසාධන ක්‍රමවේද වල වැරදි අඩුපාඩු නැති බව වත්, ඒවා නිවැරදි විය යුතු නෑ කියලවත් නෙවෙයි. වංචාකාරීව සුබසාධන මුදල් හොරාකෑම නවත්තන්නම ඕනේ. ඒත් මේ කියන්නේ ඒත් එක්කම මතුවෙන අසංවේදී තර්කයක් ගැන.
රටේ පාලකයෝ හොරකමින්, වංචාවෙන් හිතාමතාම රටේ ආර්ථිකය කඩා වට්ටලා දුප්පත් මිනිස්සු පිට බර පටවද්දි පුලුවන්නම් ජීවත් වෙයව්, නැත්නම් මැරිලා පලයල්ලා කියන සමාජයක් දියුණු වෙයි කියලා හිතන්න බෑ. දියුණු සමාජයක් ගොඩ නගන්න නම් අපි කරන්න ඕනෙ ඔවුන්ට ජීවිතය දිනන්න තියෙන බාධක ඉවත් කරන්න රජය පොළඹවන එක මිසක් ඔවුන්ට ලැබිය යුතු සහනාධාර ඉවත් කරන්න කියලා බල කරන එක නෙවෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...