එක්ස්ප්‍රස් පර්ල් නැවේ විෂ බහාලුම් මෙරට වළ දැමීමට අවසර දීලා

මීට මාස හයකට පමණ පෙර මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ රසායනික අඩංගු බහාලුම් නැවත ගොඩගෙන ඒවායෙහි අඩංගු විෂ රසායන ද්‍රවය මෙරට ගොඩබිමෙහි වළ දැමීමට රජය විසින් සිංගප්පූරු සමාගමකට අවසර ලබාදී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා තිබේ.

මෙම ක්‍රියාවලිය ඒ අයුරින් සිදුවුවහොත් නැව් ගිනිගැනීම හේතුවෙන් සාගරයට සිදුවූ හානියට වැඩි හානියක් මෙරට පසට සිදුවෙනු ඇතැයි ඔහු පවසා තිබේ.

ඉකුත් මැයි මස 29වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබුණු රසායනික ද්‍රවය මෙට්‍රික් ටොන් 32000න් මෙට්‍රික් ටොන් 10000ක් පමණ අතිශය පාරිසරික විනාශකාරී ද්‍රවය බවත් ඒවා සාගරයට එකතුවීම් හරහා විශාල සාගර විනාශයක් සිදුවූ බවත් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පවසන්නේ මාස 6ට අධික කාලයක් සාගරය තුළ ගිලී තිබුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායනික ද්‍රවය මෙරට භූමියට ගෙනවිත් වල දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසරය ලබාදීම පුදුමයට කරුණක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...