එක්ස්ප්‍රස් පර්ල් නැවේ විෂ බහාලුම් මෙරට වළ දැමීමට අවසර දීලා

මීට මාස හයකට පමණ පෙර මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ රසායනික අඩංගු බහාලුම් නැවත ගොඩගෙන ඒවායෙහි අඩංගු විෂ රසායන ද්‍රවය මෙරට ගොඩබිමෙහි වළ දැමීමට රජය විසින් සිංගප්පූරු සමාගමකට අවසර ලබාදී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා තිබේ.

මෙම ක්‍රියාවලිය ඒ අයුරින් සිදුවුවහොත් නැව් ගිනිගැනීම හේතුවෙන් සාගරයට සිදුවූ හානියට වැඩි හානියක් මෙරට පසට සිදුවෙනු ඇතැයි ඔහු පවසා තිබේ.

ඉකුත් මැයි මස 29වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබුණු රසායනික ද්‍රවය මෙට්‍රික් ටොන් 32000න් මෙට්‍රික් ටොන් 10000ක් පමණ අතිශය පාරිසරික විනාශකාරී ද්‍රවය බවත් ඒවා සාගරයට එකතුවීම් හරහා විශාල සාගර විනාශයක් සිදුවූ බවත් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු පවසන්නේ මාස 6ට අධික කාලයක් සාගරය තුළ ගිලී තිබුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායනික ද්‍රවය මෙරට භූමියට ගෙනවිත් වල දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසරය ලබාදීම පුදුමයට කරුණක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...