ඉන්දියාවේ දහස් ගනණින් මිය යද්දිත් ආගමික ඇදහිලිවලට මිනිසුන් පොරකකා පැමිණෙති

දිනපතා ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතිනවා. ගෙවුනු පැය 24 තුල මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 217 353 කි. පසුගිය අප්‍රියෙල් 4 වන දා සිට ගෙවී ගිය සෑම දිනකම ලක්ෂය ඉක්මවූ නව ආසාදිතයන් හමුවීම ඉන්දියාව තුළ වසංගත ව්‍යාප්තියේ ස්වභාවයේ බරපතළකම පැහැදිලි කෙරේ.

දිළිඳු දුප්පතුන් වැඩි, විවිධ වූ ඇදහිලි මත්තේ ජීවත්වෙන බහුතරයක් ඉන්දියානුවන්ට සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම තරම් වූ දුරස්ථභාවයක් තබා ගෙන ජීවත්වීම අපහසුය. එදිනෙදා ජීවිත ගැටගහගන්න මේ මිනිස්සුන්ට කොරෝනා වසංගතයේන් වැළකී සිටිනවාට පෙර බඩගින්නේ මිය යෑමෙන් වැලකී සිටින්නට කුමක් හෝ කිරීමට සිදුවී තිබේ. ඒ වගේම අන්තර් ආගමික ඇදහිලි හේතුවෙන්ද මොවුන්ව යම් පාලනයකට නතු කර ගැනීම පහසු නොවේ. ඊට හොඳම උදාහරණය පසුගිය අප්‍රියෙල් 12 වන දා Kumbh Mela ආගමික උත්සවය සැමරීම සඳහා ගංගා නම් ගං අසබඩට මිලියන දෙකකට වඩා වැඩි ජනකායක් ඒකරාශී වී තිබේ. එහිදී ඇදහිල්ලේ උවමනාව මිස මේ මොහොතේ බලපවත්නා මේ මාරාන්තික කොරෝනා වසංගතයේ බේරී සිටීමට තරම් උවමනාවක් ඔවුන්ට නොතිබුණු බව ඒ දර්ශන නැරඹීමේ දී අපට පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...