Breaking News

ඉන්දියාවේ දහස් ගනණින් මිය යද්දිත් ආගමික ඇදහිලිවලට මිනිසුන් පොරකකා පැමිණෙති

දිනපතා ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීම වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතිනවා. ගෙවුනු පැය 24 තුල මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 217 353 කි. පසුගිය අප්‍රියෙල් 4 වන දා සිට ගෙවී ගිය සෑම දිනකම ලක්ෂය ඉක්මවූ නව ආසාදිතයන් හමුවීම ඉන්දියාව තුළ වසංගත ව්‍යාප්තියේ ස්වභාවයේ බරපතළකම පැහැදිලි කෙරේ.

දිළිඳු දුප්පතුන් වැඩි, විවිධ වූ ඇදහිලි මත්තේ ජීවත්වෙන බහුතරයක් ඉන්දියානුවන්ට සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම තරම් වූ දුරස්ථභාවයක් තබා ගෙන ජීවත්වීම අපහසුය. එදිනෙදා ජීවිත ගැටගහගන්න මේ මිනිස්සුන්ට කොරෝනා වසංගතයේන් වැළකී සිටිනවාට පෙර බඩගින්නේ මිය යෑමෙන් වැලකී සිටින්නට කුමක් හෝ කිරීමට සිදුවී තිබේ. ඒ වගේම අන්තර් ආගමික ඇදහිලි හේතුවෙන්ද මොවුන්ව යම් පාලනයකට නතු කර ගැනීම පහසු නොවේ. ඊට හොඳම උදාහරණය පසුගිය අප්‍රියෙල් 12 වන දා Kumbh Mela ආගමික උත්සවය සැමරීම සඳහා ගංගා නම් ගං අසබඩට මිලියන දෙකකට වඩා වැඩි ජනකායක් ඒකරාශී වී තිබේ. එහිදී ඇදහිල්ලේ උවමනාව මිස මේ මොහොතේ බලපවත්නා මේ මාරාන්තික කොරෝනා වසංගතයේ බේරී සිටීමට තරම් උවමනාවක් ඔවුන්ට නොතිබුණු බව ඒ දර්ශන නැරඹීමේ දී අපට පැහැදිලි වේ.

leave a reply