මෝදර සිදුවීමෙන් නීතිය හා සාමය කොල්ලකරුවන් අතට පත් වී ඇත්දැයි සැකයක්

නැව ගිනිගැනීම සහ ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින මෝදර ලුණුපොකුණ ප්‍රදේශයේ ධීවර ජනතාව ගෙනගිය උද්ඝෝෂණය අවස්ථාවේ මෝදර පොලීසිය පැමිණ බාධා කරමින් විරෝධතාවය සඳහා ගෙනැවිත් තිබූ පුවරු පැහැරගෙනගොස් තිබේ. එසේම මේ අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ දරා ඇති අතර ධීවර ජනතාව එයට විරෝධය දැක්වීම නිසා පොලීසියට එය සිදුකිරීමට නොහැකිවී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම සිදුවී අදට මාසයක් ගතව තිබේ. මේ මාසයක් කාලය තුළ ධීවර ජනතාවට ජිවනෝපාය අහිමිවී ගොස් ඇත. එක අතකින් ධීවර කටයුතු සඳහා මුහුදු යාමට නොහැකි වී ඇති ධීවර කටයුතු සිදුකළත් එම මාළු ජනතාව මිලදී නොගන්නා තත්ත්වයක් ඇතිව තිබේ. එසේම ඉන්ධන මිල වැඩිකිරීම හරහා ධීවර ජනතාව තව තවත් අසීරුතාවය පත්ව සිටියි. නමුත් මෙතෙක් කාලයක් ආණ්ඩුව විසින් ධීවර ජනතාව වෙත කිසිදු සහනයක් ලබාදී නැත. ධීවර පවුල් වෙත ඉතා සොච්චම් මුදලක් වූ රු. 5000ක මුදලක් ලබාදෙන බව පැවසුවත් එය බොහොමයක් පවුල්වලට ලැබී නොමැත.

වෙනසක තාරුණ්‍ය Youth for Chenge විසින් මේ සියලු කරණා නිසා අපහසුතාවට පත්ව සිටින ගම්පහ, කොළඹ , පුත්තලම ධීවර ජනතාව සමඟ එක්ව විරෝධතා පැවැත්වීමට තීරණය කර තිබී ඇති අතර අද දින මෝදර, ලුණුපොකුණ ධීවර ගම්මානයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවය ඉන් එකකි. එහෙත් අද දින එම ස්ථානයට පැමිණි මෝදර පොලීසිය විරෝධතාවයට බාධා කරමින් නිරෝධායන නීති උල්ලඝණය කරන බව පවසමින් එහි සිටි පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇත.

පසුගිය කාලයේ ආරුමුගම් තොණ්ඩමන්ගේ මළ ගෙදර සිට මෑතක දී සිදුවූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ මළගෙදර දක්වා ඉතා ප්‍රසිද්ධියේ නිරෝධායන නීති උල්ලංඝණය කරනු දැකිය හැකිවිය. ඒ කිසිදු අවස්ථාවක එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ පොලීසිය තමන් පත්ව සිටින අසාධාරණයට එරෙහිව සිදුකරන සාමකාමී උද්ඝෝෂණයකට බාධා කරන්නේ ඇයිද යන්න ලුණුපොකුණ ධීවර ජනතාව ප්‍රශ්න කර සිටියි. මේවනවිට පොලීසියේ මෙම මර්දනකාරී ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වමින් ලුණුපොකුණ ධීවර ජනතාව විරෝධය දක්වමින් සිටින බව වාර්තා

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...