Breaking News

අවශ්‍ය සම්පත් නොමැති නිසා සමුද්‍ර ජීවින් මිය යාමට හේතුව නැව ගිනි ගැනීම බව ඔප්පු කිරීම අභියෝගයක් වෙයි

දින කිහිපයක සිට මියගිය සාගර ජිවින්ගේ සිරුරු රැසක් වෙරළ තීරයන්ට ගොඩගසමින් තිබේ. පරිසරවේදීන් සැකකරනු ලබන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සහ මුහුදුබත් වීමෙන් සිදුවූ බලපෑම මෙයට හේතු වන්නට ඇති බවයි.

ඒ අතර කැස්බෑවන් ,ඩොල්ෆින් මසුන්, මුහුදු පක්ෂීන්, වෙනත් වර්ගයේ මසුන් සිටින බව වාර්තා වේ.

මෙම සාගර ජීවීන්ගේ හදිසි මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදුකරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසා තිබේ.

පුත්තලම් වෙරළ තීරයේ සිට මිරිස්සා වෙරළබඩ ප්‍රදේශ දක්වා වෙරළට ගොඩගසා ඇති සාගර ජීවීන් හමුවෙමින් තිබේ.

විශේෂයෙන් කැස්බෑ සිරුරු උස්වෙටකෙයියාවා, පානදුර, උණවටුන, වැල්ලවත්ත, මොරටුව සහ ඉඳුරුව වෙරළ තීරයේ වෙරළට ගසාගෙන ගොස් ඇත. තුවාල සහිත කැස්බෑවන් දෙදෙනෙකු උණවටුන වෙරළ තීරයෙන් සොයා ගෙන තිබේ. බොහොමයක් කැස්බෑවුන්ගේ කටුව ප්‍රදේශයට හානිවී ඇති බව වාර්තා වේ.

අද උදෑසන කොස්ගොඩ වෙරළට ගසාගෙන ගොස් මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු හමුවී ඇති අතර තවත් මියගිය කැස්බෑවන් පස් දෙනෙකු පයගලා සහ පනාදුර වෙරළබඩ ප්‍රදේශවලින්ද සොයාගෙන තිබේ.

මේ අතර පරිසරවේදී කපිල මහේෂ් රාජපක්ෂ පවසා ඇත්තේ නෞකාවෙ සිදුව්ම විසින් ඇතිකල පරිසරික හානිය නිවැරදිවම තක්සේරුකර ගැනීම දැන් තිබෙන අභියෝගාත්මකම පියවරක් බවයි. අවශ්‍ය සම්පත් අපේ රටේ නොතිබීම නිසා ජාත්‍යන්තර පිලිගැනිමක් සහිත පර්යේෂනාගාර සහ සුදුසුකම් ලත් දෙස් විදෙස් විශේසඥයින්ගෙ දායකත්වය අත්‍යවශ්‍ය වෙන බව ඔහු පවසයි.

එසේ නොවුන හොත් අප විසින් සකස්කරන පාරිසරික හානි තක්සේරුව විදෙස් අධිකරන(Judiciary) හෝ බේරුම්කරණය(Arbitration) ක්‍රියාවලියක් හමුවේදි පහසුවෙන් අභියෝගයට ලක් විය හැකි බවද ඔහු පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,
“පරිසරයුක්ති කේන්ද්‍රය මේ සම්බන්දයෙන් ගොනුකල නඩුවෙ එක් ප්‍රවේශයක් වන්නේ අපගේ නිති පද්ධතියට එකතුවුනු ( polluter pay) දුෂකයා ගෙවිය යුතුය යන පදනමෙන් සිදුව ඇති පරිසර හා සාමාජිය හානිය සදහා නැව් සමාගම හා වගකිව යුත්තන්ගෙන් වන්දි අයකර ගැනීමයි.
මේ සදහා මැතකාලින ලංකාවේ අධිකරන විසින් ලබාදුන් නඩු තීන්දු දෙකක් ඔවුන් මුලාශ්‍රකර දක්වනව. ඒ චුන්නාගම් බලාගාරයේ තීන්දුව සහ විල්පත්තු තීන්දුව.
මෙතනදි වැදගත්ම කාරනය වන්නේ මේ දිනවල අපගේ වෙරල තිරයේ හමුවන මියගිය මුහුදු ජිවින් සහ ගුනාත්මය පිරිහුනු මුහුදු ජලය මෙන්ම නොගැඹුරු සාගර කලාපයේ සිදුව ඇති අනෙකුත් පරිසර විද්‍යාත්මක වෙනස්කම් සෘජුලෙසම X-Press pearl නෞකාවේ සිදුවිමේ ප්‍රතිපලයක් බව විද්‍යාත්මකව සනාත කර ගැනිමයි.

මෙතනදි අබියෝග දෙකක් තියනව ඉන් පලුමුවැන්න වැන්න සාමාන්‍ය රසායනික පර්යේෂනයකින් මේක ඔප්පුකරන එක. අපි දකිනව නාරා ආයතනය , මද්‍යම පරිසර අධිකාරිය ඇතුල රාජ්‍ය ආයතන සිදුවිම සිදුවු කාලයේ සිට වෙරල තිරයේ ජල සාම්පල සහ ජිවින්ගේ සාම්පල ලබා ගනිමින් ඉන්නව.
මේ පිලිබද විමසිමේදි එහි නියෝජිතයකු මාද්‍යට පැවසුවේ මෙම සාම්පලවල BOD අගය,ද්‍රාව්‍ය ඔක්ෂිජන් ප්‍රමානය,pH අගය,ද්‍රව්‍ය නයිට්‍රේට මට්ටම වැනි මුලික පරාමිතින් පරික්ෂාකරන බවයි.

නමුත් මෙවැනි මුලික පරාමිතියකින් යම් දුෂයනයක් සිදුව ඇති බව පෙන්නුම් කලත් එය නිශ්චිත වශයෙන්ම නැව මගින් සිදුවුවක්ද යන්න තහවුරු කල නොහැකියි.

උදාහරනයක් විදියට යම් ස්ථානයක් Bio Chemical Oxygen Demand අගය ඉහල යැම මගින් කියවෙන්නේ එම ස්තානයේ ජීර්නය වෙමින් පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමානය ඉහල ගොස් ඇතිබවයි.

එය මිය ගිය සත්ව දේහ ජීර්නය නිසා වෙන්නත් පුලවන් නැතිනම් නැවෙන් මුදාහල කාබනික ද්‍රව්‍ය නිසා වෙන්නත් පුලුවන්..මේ වාට අමතරව අත්තනුගලු ඔය හෝ කැලනිගග මුදුදට ගෙන ආ කාබනික අපද්‍රව්‍ය නිසා වෙන්නත් පුලුවන්.නයිට්‍රෙට මට්ටමත් එහෙමයි.

ඒ නිසා වඩාත් නිරවද්‍ය ලෙස නැවෙන් නිකුත්වු රසායනික වල බලපැම තහවුරු කිරිමට මෙයට වඩා සුවිශේෂි පර්යේෂන වලට යායුතු වෙනව.
උදා හරනයක් විදියට මියි ගිය මත්ෂ්‍යයින්ගේ දේහ වල අංතර්ගත බැර ලෝහ සාන්ද්‍රනය ඉහල ගොස් ඇති බව පරික්ෂාවකින් අපි නිශ්ච්තව තහවුරු කරනවා යැයි සිතමු, එ නම් එහිදි මෙම බැරලෝහ පැමිනියේ නැවේ සිදුවිමෙන්ද යන්න තහවුරු කරන්නේ කොහොමද?

මත්ස්‍යයකුගේ දේහයේ අංතර්ගත බැරලෝහ සාන්ද්‍රනය රදා පවතින්නෙ Bio accumulation කියන දිර්ග කාලින ක්‍රියාවලියක් මතයි.
කාලයක් තිස්සේ එම මත්ෂ්‍යයින් ආහාරයට ගන්නා ශාකමය ද්‍රව්‍ය හෝ කුඩා සත්වයින්ගේ දේහවල පැවති බැරලෝහ විශාල මත්ස්‍යයින්ගේ මේද පටකවල සංචය වෙනව..මෙවැනි දැ මත්ෂ්‍යයාගේ වයස ලිංගිකත්වය වැනි සාදක මත රදා පවතිනව. එ්නිසා conventional method එකකින් මේක ඔප්පු කරන්න බැහැ.

නමුත් මෙවැන්නකට බාවිත කල හැකි දියුනු විශ්ලේෂන ක්‍රම පවතිනව.

උදාහරනයක් විදියට ආචාර්ය කමල් කොලිත පවසන පරිදි නැවේ අංතර්ගත ඊයම් හෝ රසදිය වැනි ද්‍රව්‍යයක සමස්තානිකයම මියගිය මත්ස්‍යයින්ගේ දේහ වලත් තිබෙන බව ඔප්පුකල හැකිනම් එය බිදහෙලිය නොහැකි ශාක්ෂියක්.

එවැන්නකට සාමාන්‍ය යෙන් High resolution inductively coupled plasma Mass spectrometry වගේ වර්නාවලික්ෂ අද්‍යයනයක් කරන්න වෙනව.
නමුත් මේ යන්ත්‍රයක් කෝටිගනනක් මිළ අදිකයි. මම හිතන්නෙ නැ ඒක අපේ රටේ ඇති කියල.
අනෙක් කාරනේ මේ හැම පරික්ෂනයක් කරන විද්‍යාගාරයක්ම ඒ නිශ්චිත පිරික්ෂනය සදහා International Accreditation හෙවත් ජාත්‍යන්තර ප්‍රතිතන පිළිගැනිම තිබිය යුතුයි.

එසේ නොවන විද්‍යාගරයක් මේ පරික්ෂනය නිවැරදිවම කරත් ඒක ජාත්‍යන්තර අධිකරන(Judiciary) හෝ බේරුම්කරණය(Arbitration) ක්‍රියාවලියක් හමුවේදි වලංගු වෙන්නෙ නැහැ. අපි දන්න විදියට ජලයේ ගුනාත්මක බාවය පිලිබද රසායනික පර්යේෂන සිදුකරන ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යාගාරයකට මත්ෂ්‍යයින්ගේ දේශයේ ඇතුලත් බැරලෝහ සාන්ද්‍රනය සෙවිමේ පර්ක්ෂනය සදහා Accreditation එක නැහැ.

මේ අතර පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසා ඇත්තේ ඊයේ වෙන්නප්පුවේ හමුවූ ඇතම් මසුන්ගේද අභ්‍යන්තරය කොලපාටවී තිබුනු බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply