Tag: wildlife
-
විල්පත්තු විනාශය ඉක්මන් කෙරෙන තවත් තීන්දුවක්
මේවනවිට විල්පත්තුව සම්බන්ධයෙන් නැවත අවධානය යොමුවී තිබෙන්නේ අවුරා ලංකා සමාගම විසින් කෝමාරිකා වගාකරන මුවාවෙන් එහි ප්‍රේරණ කලාපයේ විශාල පරිසර විනාශයක් සිදුකරමින් තිබීම නිසයි. මීට පෙර විල්පත්තුව විනාශ කරන බවට චෝදනා එල්ල වූවේ රිෂාඩ් බදියුදීන් වෙතයි. එහිදී එම සිදුවීම් අවසන් වූවේ විල්පත්තුව තුළ ගස් සිටුවන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබාදීමෙන් පසුවයි. නමුත් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම…
-
ජාතික භෞතික සැලැසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි – මිනිස් ගැටුම
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022 වසරේ දී ය. එය අලි – ඇතුන් 433 කි. අලින් ගේ පහර දීම් හේතුවෙන් වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් වසරක් තුළ මිය ගොස් ඇත්තේ…
-
බඩගින්න vs නිදහස
මෙම සිදුවීම කර්නාටක ප්‍රාන්තයේ කොම්බාරු අභයභූමියට යාබද තානායමේදී සිදු වූවක්. දිවියෙකු බල්ලෙකු පසුපස එළවා ගොස් තිබේ . බල්ලා ජනේලයකින් අසළ තිබූ වැසිකිළියට ඇතුළු වී ඇත. වැසිකිළිය පිටතින් වසා තිබුණකි. දිවියා බල්ලා පිටුපසින් ඇතුළු වූ අතර දෙදෙනාම වැසිකිළියේ සිරවී ඇත. දිවියා දුටු බල්ලා කලබල වී නිහඬව එක් මුල්ලක වාඩි විය. බල්ලා බුරන්නට පවා එඩිතර වූයේ නැත.…
-
නාකෙළගනේ මහා ඉඩම් ජාවාරමක් – වනාන්තර ඉඩම් අක්කර 5400ක් හිතවතුන්ට බෙදා දීලා
නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව වගා බිම් අක්කර 5400 කට වැඩි ප්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පරිසරවේදීන් පිරිසක්…
-
දුරකථන කුළුණු සෑදීමේ උත්සහයක් නිසා නියඳගල කන්ද විනාශ මුඛයේ
මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය කොට්ඨාසයේ ගම්මැදගම ග්‍රාම නිළධාරී වසමේ පිහිටි සුන්දරම සහ ඓතිහාසික නියදගල කන්ද අද වන විට විනාශ කර දැමීමේ උත්සාහයක් පවතී. ඒ ප්‍රසිද්ධ සමාගමක් විසින් සිය දුරකථන සංඥා කුළුණු කිරීමට දරන උත්සාහයත් සමගයි. දුරකථන සංඥා කුළුණ ඉදි කිරිම සඳහා ආයතනයක් විසින් 2021/8/18 දින කිසිදු අවසරයකින් තොරව උත්සාහ දරන අවස්ථාවේදී අප සහ ගම්මු ඉදිරිපත්ව…
-
යාල සිදුවීමට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට රනිල්ගෙන් බොරු ‘ෂෝ’ එකක්
යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යයාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියම කර තිබේ. එතෙක් මෙම ජාතික වනෝද්‍යයානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
-
යාල වනෝද්‍යානයේ සිදුවීම නිලධාරීන්ට දඬුවම් දීමෙන් පමණක් අවසන් වෙයිද?
වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් සහ පරිසරයට හානි වන ආකාරයෙන් යාල ජාතික වනෝද්‍යානය තුළ රථවාහන පැදවීමේ සිද්ධිය පිළිබදව සමාජ මාධ්‍ය හරහා කතා බහක් නිර්මාණය වී තිබේ. එම කතා බහ තුළ මතුව ඇති කාරණයක් වන්නේ මෙම සිදුවීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත්‍රයා සම්බන්ධ බවයි. මහින්ද අමරවීර විසින් උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදු කළ…
-
කැබිලිත්ත වන විනාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි
කැබිලිත්ත රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් පුද්ගලයන් පිරිසක් ඇතුළුවී නීතිවිරෝධී කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 02වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට නියම කරමින් අභියාචනාධිකරණය පසුගිය 04වනදා නොතීසි නිකුත් කර තිබේ. වන අපරාධකරුවන්ගෙන් කැබිලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු…
-
ගල්බොක්ක යාය කඳුවැටිය විනාශයට එරෙහි වූ ගම්වැසියන් දෙදෙනෙක් බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට
සංඛපාල ගල්බොක්කයාය කඳු වැටිය විනාශ කිරීමට එරෙහිවූ ගම්වාසීන් දෙදෙනෙකු බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ජල පෝෂක රක්ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් ඩොලමයිට් හා කැල්සියම් සිලිකේට් ඛනිජ පාෂාණ කැනීම සඳහා සමාගමකට අවසර ලබාදීමට මීට පෙර උත්සාහ ගෙන තිබුණි. නමුත් පරිසර සංවිධාන සහ ගම්වාසීන් ගෙනගිය දීර්ඝ අරගලයක ප්‍රථිපලයක් ලෙස එය වැළකුණි.…
-
සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ම කෙලෙසීම
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project – ESCAMP) මගින් අද වන විට මේ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට දැවැන්ත උත්සාහයක…