ටිරාන් අලස්ව මානව හිමිකම් කොමිසමට කැඳවයි

කොළඹ විශ්ව විද්‍යාලය අවට පසුගිය මාර්තු 7 හා 8 දෙදින පැවති උද්ඝෝෂණ සහ කැලණිය විශ්ව විද්‍යාලය අවට මාර්තු 8 වැනිදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම පරීක්ෂණයට අදාළව මාර්තු 13 වැනිදා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම් දී ඇතැයි කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙත් පැහැදිලි කර ගැනීම සඳහායි.

විශ්ව විද්‍යාල සිසුන් සිදුකළ එම උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය අමානුෂික ලෙස කටයුතු කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය තුළට පවා පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලු වීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍යවරයා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබෙන බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...