තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේදී මිය යයි – පහරදී ඝාතනය කළ බවට බිරිඳගෙන් චෝදනා

පානදුර කෙසෙල්වත්තේ වත්තල්පොල ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයෙන් පැන දිවයාමට උත්සාහ කිරීමේදී මියගිය බව පැවසුණු පුද්ගලයා මියගියේ පොලිස් පහර දීමකින් බව ඔහුගේ බිරිඳ චෝදනා කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට පොලිසියට රැගෙන යාමේදී පොලිස් ජීප් රථයෙන් පැන පළා යාමට උත්සහ කර ඇති බවයි.

මෙහිදී සිදුවූ තුවාල නිසා පානදුර රෝහලට ඇතුලත් කර තිබෙන අතර ප්‍රතිකාර ලබමින් සිටියදී අධිකරණය විසින් ඊයේ (06) දින ඇප ලබා දී තිබියදී මිය ගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

එහෙත් මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසා සිටින්නේ ඔහුට ‘පිට් එක හැදී වැටී’ ඇති බව පොලීසිය තමන්ට දැන්වූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට නිරීක්ෂණය වූ බැවින් එම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

වසරක පමණ කාලයක් තුළ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ 12වන පුද්ගල මරණය මෙයයි. මීට දින කිහිපයකට පෙර චන්ද්‍රන් විධුෂන් නමැති 21හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පසුගිය වසරේ නිවේදනය කළේ 2020 මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී මරණ අටක් වාර්තා වී ඇති බවයි.

මෙම මැයි මාසයේදී තරුණයන් දෙදෙනෙකු දින දෙකක් ඇතුළත පොලීසිය විසින් වෙඩි තබා තබා ඝාතනය කරන ලදී.

මීට මාසයකට පෙර මානව හිමිකම් කවුන්සිලය විසින් පොලිස් අත්අඩංගුවේදී සිදුවූ ලද මරණ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස පොලිස් ප්‍රධානී චන්දනා වික්‍රමරත්නෙන් ඉල්ලා තිබුණි.

පොලීසිය එම ඉල්ලීම ඉටු කළ බව මෙතෙක් වාර්තා වී නොමැත.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...