දින 3ක් තුළ අඛණ්ඩව ආසාදිතයන් 3000 ඉක්මවයි – කර්මාන්තශාලා ආශ්‍රිතව පැතිරීම හේතුවක්!

Date:

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මගින් ඉකුත් මැයි මස 25 වැනිදා සිට ඊයේ (06 වැනිදා) දක්වා අඛණ්ඩවව දින දහතුනක කාලයක් සංචරණ සීමා පනවනු ලැබුවද පසුගිය බ‍්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා වූ තෙදිනක කාලය තුළ දෛනිකව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන තුන්දහස ඉක්මවා ගොස් තිබිණි.

පසුගිය බ්‍රහස්පතින්දා(03) කොවිඩ් ආසාදිතයන් 3306ක් වාර්තා වී තිබූ අතර, සිකුරාදා(04) 3297ක් ද, සෙනසුරාදා (05)3410ක් ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබුණි.

එසේම කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ 121 ක්ද එම දින තුනක කාලයේ වාර්තා විය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතැයි පෙරේදා (05 වැනිදා) රාති‍්‍රයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර එ් අනුව එම මරණ 40 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ ගණනද 1696 දක්වා ඉහළ ගොස් තිබේ.

රජය මගින් පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා (සඳුදා) ඉවත් කිරීමට දැනට තීරණය වී ඇතැත් පවතින තත්ත්වය හමුවේ මේ වන විට එම තීරණයද අභියෝගයකට ලක්වී තිබේ.

සංචරණ සීමා පනවා තිබියදීත් මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ දැනට කි‍්‍රයාත්මක කර්මාන්ත ශාලා ආශි‍්‍රතව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබීම නිසා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණණවර්ධන සඳහන් කරයි.

පවතින තත්ත්වය තුළ ඊයේ (06 වැනිදා) දක්වා ගෙවී ගිය සතියක කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 21,236 ක් වන අතර එයට සමගාමීව ආසාදිත මරණ 285 ක්ද වාර්තා වී ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේදී කර්මාන්ත ශාලා ආශ‍්‍රිතව ගැටලූකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව මීට දින පහකට පමණ ඉහතදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද සඳහන් කළේය.

විශේෂයෙන් ඇඟලූම් කර්මාන්ත ශාලා කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් නොමැතිව පවත්වාගෙන යාම හේතුවෙන් කොවිඩ් පාලනයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට එන්නත් ලබාදෙන බව පැවසුනත් තවමත් එය ආරම්භ වෙන බවක් පෙනෙන්නට නැත. හෙට දිනයේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදෙන පමණක් නිවේදනය කර තිබේ.

මෙරට කොවිඩ් තුන්වැනි රැල්ලෙන් තවත් ආසාදිතයන් 1921 හඳුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.30 වන විට නිවේදනය කර තිබේ.

එම සංඛ්‍යාවත් සමඟ මේ දක්වා හඳුනාගනු ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 224,978 දක්වා ඉහළ ගිය අතර ඉන් ආසාදිතයෝ 35,000ට ආසන්න පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...