ආදර ගෑස් !!!! – ජීවිත පිළිබඳ කතාවක්

හැමදාම උදේට පැය දෙකක් විතර මම වැඩට යන්න ඉස්සෙල්ලා කරන මුකුළුව ඔයයි මායි විතරයි දන්නේ.

හුඟක් ආදරණීය මොහොතවල්වලදී ඔයා නිල්පාටයි.තරහ ගියාම බොහ් බොහ් ගෑවට,කහපාටින් පිම්බුවට ඔයා හරි හොඳයි .

ඔයා කවදාවත් අමනාපයක් පෙන්නුවේ නැහැ මම ඔයා බිත්තියෙන් එළියේ තිව්වට.මොකද ඔයා දන්නව හැම රෑම,හැම උදේම මම ඔයා බළපු බව.තනි නොකළ බව.

අහළ පහළ ඈයෝ ඔයා මිලයි,නපුරුයි කිව්වට වෙන වෙන ඒව හොයන් මම කවදාවත් නොගිය බවත් ඔයා හොඳටම දන්නව.ඒකනේ ඔයා මාව මෙච්චරකල් නොදාගියේ.

ඒත් තව සතියකින් ඔයා මාව දාල යයි වස්තුවේ.ඊට පස්සේ මට ආයෙත් ඔයා වගේ කෙනෙක් හොයන්න ගොඩක් දුක් විඳින්න වේවි.මේ විදියට අපිව ඈත් කරන මේ කෲර ආර්ථිකයට අපි අපේ සබඳතාවයේ නාමයෙන් ශාප කරමු….

ආදර ගෑස්!!!!

රසිකා මුහන්දිරමිගේ

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...