කොස්ගොඩ තාරකගේ අම්ම ගෙන් ජනාධිපතිතුමාට ලිපියක්

බුදු සර්…

මං මේ ලියුම ලියන්නේ හිත හදාගන්නත් එක්ක. සර්ට මේ ලියුම් කරදහිය ලැබෙයිද දන්නේ නෑ. කොයිකටත් කියල ලියනවා. ලියල කොලෙන් බෝට්ටුවක් හදල වැහි වතුරේ පා කරලා අරිනවා… මොකෙකුට හරි හම්බ වෙන්නේ නැතෑ.

ආයේ දෙකක් නෑ… ඌ වසවර්තියා. කීව නාහන එකා. වෙලාවකට මගේ පුතා කියල කියන්නත් ලැජ්ජයි. ඒත් බුදු සර් ඌ මගේ බඩවැල කඩාන ආපු පුතා. සර්ගේ අර ඇමරිකාවෙද කොහෙද ඉන්න පුතා වාගේම තමයි…ඌ මගෙ පුතා…

උගේ තියෙන අවුල තමයි කොල්ල දන්නේ නෑනේ සීරු මාරුවට ජීවත් වෙන්න. තරහ ගියොත් මරනව …සල්ලි නැතිනම් මොකෙක්ගෙන් හරි කඩා ගන්නව. සර්ගේ පවුලේ ළමයි වගේ නෙමෙයි…දැක්කනේ අර තදුර්ජින් ළමය එක්ක පටලැවිල්ලක් හදාගෙන නාමල් මහත්තය…හීන් සීරුවේ වැඩේ ඉවර කලානේ. අන්තිමට ඒ ළමය ඇක්සිඩන්ට් එකකින් මළා. ආන්න වැඩ… අපේ එකා කොහෙද… චිත්‍රපටි වල වගේ කෙලින්ම ගිහිං මරණවනේ .

නෑ මං අහන්නේ සර් ඔය ආරක්සක අන්සේට සම්බන්ධ වෙලා හිටිය හින්ද…ඔය ප්‍රභාකරන්, එතකොට පුතා…බාලචන්ද්‍ර එහෙම මරුනේ ආයුධ පෙන්නන්න ගිහිංද සර්…අර පොඩි කොල්ල පොඩි කමට නෙමෙයි වැඩ… ආයුධ හංගගෙන ඉදලානේ…නේද සර්…මං මේ පිණක් දහමක් කරගෙන ඉන්න මනුස්සයා…අහල තියෙන්නේ අවි ගත්තෝ අවියෙන්ම නහිනවා කියල, බලං ගියාම අවිගත්තු එවුන් නහින්නේ ආයුධ පෙන්නන්න ගිහිං.

සර්… අර නීති පොතද මොකක්ද කියන එක තාම තියනවද සර්..අපේ ඒකාල ඔක්කොම මගේ පුතා මැරිච්ච එක ගැන උඩ පැන පැන සතුටු වෙනවා. උන් කියන්නේ නීතිය කියන්නේ සර් කියල.

සර්ගේ පුතාටත් කොළු පැටියෙක් හම්බ උනාලු නේද… අනේ වාසනාවන්. ඒ ලමයනම් කවදාවත් මගේ එකා වගේ මංකොල්ල කන්න යන්නේ නැතිවෙයි. ඇයි ඉතිං සර්ගේ පවුලේ උදවිය පරම්පරා ගානකට හම්බ කරලනේ තියෙන්නේ. ආයේ සර් පොඩිකාලේ ඉදලම කොල්ලට හොදට ආයුද යහමින් ගෙනත් දෙන්න. එතකොට ඌ ආයුධ හංගන්නේ නැතිවෙයි.

නැත්නම් මගේ කොල්ල වගේ හංගපු ආයුධ පෙන්නන්න ගිහිං සර්ගේ මුනුපුරාටත් කවද හරි මැරුම් කන්න වෙයි

සර්ට රත්නත්ත්‍රයේ පිහිටයි

මීට
කොස්ගොඩ තාරකගේ අම්ම

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...