පැරඩොක්ස් අපි කොහෙ හිටියක් බලපං බං මිතුරු තුමෝ

නිමිත්ත: කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතියට කොටු වී කොළඹ නැවතී ඉන්න සහෝදරයින් දෙදෙනෙකුට පෝන් කැමරාවෙන් සවිස්ටර්ලන්තයේ සුපර්මාකට් එකක ඇති විස්කි රාක්කය පෙන්වීම

මා දෙස ඔබ, ඔබ දෙස මම එක සිත් වී බලන්නේ
සුපර් මාකට් රාක්කයේ දුරස්ත වී සිටින්නේ
ආලවන්ත මගෙ පෙම්බර මධු ඔයා දකින්නේ
විස්කි මධූ හිනා වේද මට මා ගැන හිතෙන්නේ

හිතයි කිව්වෙ අත ඈ වෙත හැරෙන්නේ
පිරි මැද ගිය ඇස් වොලියුම් දැන දැන් ගනින්නේ
රස ඇති බව නැත අමතක දිවයි උළුක් කරන්නේ
පැරණි ප්‍රේමයකි මේ කව් වත සමාධියෙන් ලියන්නේ

කාලය එතරම් ගුණ නැත අංජබජල්
පෙර මෙන් දැන් යෞවන නැත අංජබජල්
කට කපලා නැති උගුරක් රැවැට්ටීම අංජබජල්
තනියම බෝතලේ බිව්වත් කතා නැතිව අංජබජල්

බොන්න ඕන වැටෙනකම්ම ඇත ලොකුට ඇරියස්
දවසක් හොඳ කවද එයි ද හිතුවොත් සීරියස්
මතකයි ලොකු පරිච්ඡේද එදා නොටෝරියස්
යන මං නැති මහ පාරෙ නින්දත් ස්ටෝරියස්

ප්‍රෙෂර් සුගර් ලිවර් කචල් ලයිෆ් අන්ජබජල්
ඩිප්‍රෙස් මැද ගෙයක් ඉලව් ඔළුව අන්ජබජල්
හිත කය දෙක පාමසියක් බෙහෙත් අන්ජබජල්
ඒකට ඇති බයක් නෙවෙයි සතුට අන්ජබජල්

බොන්න හිතේ වැටනකම්ම යටි හිතමයි කියන්නේ
කවුරුත් නෑ කර ගහන්න තැනකුත් කොහෙ තියෙන්නේ
ගට නෑ බය හිතේ ඉන්න අමුතු එකෙක් පනින්නේ
හංගාගෙන ගෙදර බොන්න ගෑනි යකා නටන්නේ

ඕං ඉතින් ඔහොම තමයි මම ඇත්තයි කියන්නේ
යුරෝපයම හරි පාලුයි දැන් මොකදැයි කරන්නේ
නැති දා හිත හිස් ගෝනි ය උපමාවක් තියෙන්නේ
ඇති දා හිත සීනි ගෝනි රූපක වී හිඳින්නේ

මැසෙන්ජරේ නාද දෙද්දි ලංකාවෙන් මිතුරු තුමෝ
තාමත් මම රාක්කෙ ලඟ කැරකෙනවා මිතුරු තුමෝ
හලෝ කියා ඔන්කර දි කැමරාවට පෙන්නන්නම් විස්කි තුමෝ
පැරඩොක්ස් අපි කොහෙ හිටියක් බලපං බං මිතුරු තුමෝ

ගල් බෝතලයක් මැදිකර කතා සරිත් සාගරවල ගිලුනේ අපි
මිතුරු තුමෝ බිතු සිතුවම් පිටු පෑවද රුදු කතරක සසරේ අපි
වචන සටන් මැද විප්ලව අදම කරපු උඩ මෙසෙක අතීයක අපි
ජොලිය බවට ඇත්ත පසක් කර ඈතක ලෝකෙ වියමු අපි

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...