කුණු හරුපු කියැවෙනවා අපේ හාමුදුරුවනේ

පෝයට අටවක
පෝයට අමාව
පුර හඳ දවසට
පංසිල් ගත්තත්
අටසිල් රැක්කත්
රැක ගන්නට බෑ
කියන්න අපෙ හාමුදුරුවනේ

මල්වතු අස්ගිරි
ත්‍රෛ නිකායෙම
කොරල නායක
පූජ්‍ය පණ්ඩිත
කියන්න අපේ හාමුදුරුවනේ

උන් ටික
මුන් ටික
බිඳිනවා සිල්
ජීවිතේ අමාරුයි
බිඳෙනවා සිල්

හෙන හත ඉල්ලන
කුස්සිය හොල්ලන
ජීවිතය නිල්
උන්ගේ අම්මලට
කුණු හරුපු කියැවෙනවා
බ්‍රේක් නැති කල්

පාරට බැස්සම
කඩේට ගියාම
ලෙඩක් උනාම
මාරයා ආවම
මැරෙන්නද කියන්නේ
අපේ හාමුදුරුවනේ

කුඹුරට කැඹුරුවම
මැහිතෙල් දැක්කම
ජීවිතයත් දැන් වල්
ඉතිරි වෙයි ද අපෙ සිල්

කළුවර වැටුනා
සුවිච් එක නිවුණා
අපිට විතරක් ඇයි
කියන්න අපෙ හාමුදුරුවනේ
බුදුන් නො දනී
ඔබ දනී
නේද අපෙ හාමුදුරුවනේ
බුදුන් දනී
ඔබ නො දනී
නේද අපෙ හාමුදුරුවනේ

උන්ගෙත් කෙරුවාව
කාගෙත් කෙරුවාව
අපිටයි කේන්තිය
ඔබලගෙ ශාන්තිය

ගමත් කලා
රටත් කාලා
අපිවත් කාලා
ඒ මදිවට සිලුත් බින්දා
පව් සිද්ධ කෙරුවා
අපේ හාමුදුරුවනේ

අපි උපාසක
පූරුවේ කරුමෙට
දැනුත් සිල් කඩනවා
කෝපයට කැඩෙනවා
දුකකටත් කියා සීමාව නැද්ද
බලන්නකෝ බුදු
හාමුදුරුවනේ

අපි උපාසක
හැකිද බැහැ දැක
තිරිංග තදකොට
කියන්නට අපේ දුක

උන් උපාසක
ඇවිත් බැහැදැක
නූලක් අතේ බැඳ
පව් කමා කෙරුවද
පව් සමා දුන්නද
කියන්කෝ නායක
මහා ලොකු හාමුදුරුවනේ

ලඟට වී මුසා බස
අසා සිටි මුනිවත
වැන්දාම පිරිකර
හිරි ඔතප් බිඳ බැඳ
වොයිස් කට් දෙන කොට
මුසාවාදය ඇහුණ ද
කියපල්ලා අපෙ හාමුදුරුවනේ

හිනා යන්නැද්ද
තරහ යන්නැද්ද
සිල් බිඳෙන්නැද්ද බුදු
හාමුදුරුවනේ

අපි නම් පෘතජ්ජන
ඔබලා රහත් උන
ඒ නිසා දුකක් නැත
විඳවන රට්ටු ගැන

උන් උපාසක
ඔබ රහත් තැන
පව් කරපු අපි හැම
සිල් බිඳුණු ජනතාව

කැඩෙනවා
කඩනවා
ඇඬනවා
අඬනවා
දුප්පත් අපිමයි
පව්කාර අපිටයි
මේ ඔක්කොම පව්
ජය සිරි මහ බෝ හාමුදුරුවනේ

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...