Breaking News

ජනතාව කබලෙන් ලිපට වැටෙද්දී ආණ්ඩුව සුරංගනා කතා කියමින් ඉන්නවා

පුබුදු ජයගොඩ

ජනතාව කබලෙන් ලිපට වැටි සිටියදී ආණ්ඩුව සුරංගනා කතා කියමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “පරිප්පුවලට බදු ගහලා ලංකාවේ පරිප්පු හදමු, සීනිවලට බදු ගහලා ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ දමමු, පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වියදම් නොකරන online අධ්‍යාපනය වගේ බයිලා ගහලා වැඩක් නැහැ. හාල් මිලට පාලන මිල දාන සංදර්ශනවලින් සහල් ප්‍රශ්නය විසඳන්න බැහැ. පුලුවන්නම් මෝල්වලට අත තියන්න. පුලුවන්නම් අධ්‍යාපනයට සෞඛ්‍යට වියදම් කරනවා කියලා පෙන්නන්න. ආණ්ඩුවට ඡන්දයක් ලඟදිවත් මුකුත් කරන්න බැහැ. මොකද මෙතන වියුහයේ ප්‍රශ්නයක් තියෙනවා.

අධ්‍යාපන ඇමතිවරයා පාසල් විවෘත කරන්න බැහැ අත සේදීමට අවශ්‍ය ජල පහසුකම් නැති පාසල් පන්සිය ගණනක් තියෙනවා කියද්දී බන්දුල ගුණවර්ධන ලොකුම පිට්ටනියක් හදන්න කතා කරනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු ඉහළ දැමීම නිසා පරිප්පු, සැමන්, ළූණු, අල මිල ඉහළ ගිහින් තියෙනවා. මීට පෙර ජනාධිපතිතුමා ජාතිය අමතමින් සැමන් සහ පරිප්පුවලට පාලන මිලක් දමන බව කිව්වා. ඊට පස්සේ දන්නෙත් නැතුව පාලන මිල අහෝසි වෙලා ගියා. අත්‍යවශ්‍ය ආහාර සඳහා බදු පැනවීමට හේතුව ලෙස දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා බදු පනවපු බව කියනවා. මිට කලින් කහවලට පාලන මිලක් පැනෙව්වා. නමුත් ලංකාවේ කොහෙවත් ඒ ගන්නට කහ කුඩු ගන්න නැහැ. අවසානයේ කහ කුඩු හිඟයක් ඇතිවුණා. නින්දෙන් ඇහැරුණා වගේ පාලන මිල පනවනවා. ඒ පාලන මිල පවත්වාගෙන යන්න බැහැ. පරිප්පුවලට බද්දක් ගැහුවේ ලංකාවේ පරිප්පු නිෂ්පාදනය කරන්න බලාගෙන කියනවා. මේවා සුරංගනා කතා. සීනි සම්බන්ධයෙනුත් එහෙම කියනවා. ලංකාවේ සීනි අවශ්‍යතාවයෙනුත් ඉතා කුඩා ප්‍රමාණයයි නිෂ්පාදනය කරන්නෙ. ඊට පස්සේ ගෙන්නන සීනි ටිකට බදු ගහලා දේශීය සීනි නිෂ්පාදනය වැඩි කරන්න බදු ගැහුවා කියනවා. ආර්ථික අර්බුදය, මැතිවරණ සංදර්ශන සඳහා ලැබෙන්න තිබුණු බදු නැති කරගැනීම, කොවිඩ් වසංගතය මැඩලීම සඳහා ලැබුණු පරිත්‍යාග නිසි කළමනාකරණයක් සහිතව වියදම් නොකරපු එක, විවිධ රටවලින් ලැබීමට නියමිත අරමුදල් ලබාගැනීම සනහ කාර්යක්ෂමව කටයුතු නොකිරීම යන සියලු ගැටලු සාමාන්‍ය ජනතාවට පිට දමන්න හදනවා. පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට කියනවා අන්තර්ජාල පහසුකම් සඳහා වියදම් කර ඉගෙන ගන්න කියලා. පාසල් නැවත ආරම්භ කරද්දී පාසල් සංවර්ධන සමිතිවලින් ළමයින්ගේ ආරක්ෂාවට ක්‍රමවේද හදන්නලු. අපි කියන්නේ පාසල් දරුවන්ගේ අත සේදීමේ සිට සියලු ආරක්‍ෂිත පහසුකම් සඳහා රජය ප්‍රතිපාදන වෙන් කළ යුතුයි. ඒවගේම සහල්වලට පාලන මිලක් දැමීම නිසා සහල් හිඟයක් ඇතිවෙලා. වෙළෙන්දෝ ඒ මිලට සහල් විකිණීම ප්‍රතික්ෂේප කරනවා. කලින් ආණ්ඩුව කිව්වේ හමුදාව දාලා හාල් මිලට ගන්නවා කියලා. ඒ ෂෝ එක කෝ දැන්. හාල් මෝල් හිමියෝ හාල් හංගගෙන ඉන්න එකට මැදිහත් වෙන්නෙ නැහැ. පාරිභෝගික අධිකාරියේ සභාපති හමුදා නිලධාරියා මැනිං මාර්කට් එකට ගිහින් චන්ඩි පාර්ට් දානවා. හමුදාව වී ගන්නවා කියලා කිව්වේ බොරුවක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගොවීන්ට තමන්ගේ වී කුඩා මෝල් හිමියන්ට ලබාදෙන්න කියලා උපදෙස් දුන්නා. නමුත් ආණ්ඩුව කුඩා මෝල් හිමියන්ට පොරොන්දු වූ විදිහට ගෙව්වේ නැහැ. මේකෙන් කුඩා මෝල් හිමියෝ අසරණ වුණා. දැන් කුඩා මෝල් හිමියන්ට තමන් ළඟ තියෙන වීවලට මුකුත් කරන්න බැහැ ඒවා රජයේ වී තොග නිසා. මේ හරහා මහා පරිමාණ සහල් හිමියන්ගේ ඒකාධිකාරියක් නිර්මාණය වෙලා. පාරිභෝගික අධිකාරියේ හමුදා නිලධාරියා කියන ගණන් අනුව රජය මිලදී ගත්ත වී තොගය ප්‍රමාණවත් වෙන්නෙ රටේ ජනතාවට දින තුනකට පමණයි. දැන් රජය ගත්ත සහල් තොග එළියට දාන්න. නැත්තම් මෝල් හිමියන්ගේ ලාභ කඳු හොලවලා පෙන්නන්න. ගොවියෙක්ගේ අදායම ගණන් හදලා බැලුවම දවසකට රු 260ක් වගේ මුදලක්. මෝල් හිමියන්ගේ ආදායම දවසකට ලක්ෂ 260ක්. “

leave a reply