Breaking News

කට්ටුව සිදුවූ රිය අනතුරකින් එක් අයෙකුට මරණය ….

සැම්සන් ඥානසිරි

මීගමුව ,කට්ටුව ප්‍රදේශයේ කන්ටේනරයක් අධික වේගයෙන් පැමිණ යතුරු පැදියක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්වී ඇත . එසේ මරණයට පත්වී ඇත්තේ පෙරියමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක් පමණ වන අයෙකි. කන්ටේනරය ත්‍රිරෝද රථයකද ගැටී ඇත . යතුරු පැදිය සමග සිටි පුද්ගලයා එම ස්ථානයේම මරණයට පත්වූ බව මෙම අනතුර සිදුවූ ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් අප සමග පැවසීය . තුවාල ලැබූ අයෙකු මීගමුව මහ රෝහලට ඇතුලත් කරන ලදී.

මේ පිළිබඳව නීතිමය කටයුතු සිදු කරන්නේ මීගමුව පොලීසියයි.

leave a reply