ඇමති නාමල් දින 10න් ඇඳන් 10000ක් හදන බව කොවිඩ් රාජ්‍ය ඇමතිවරිය දන්නෙ නැද්ද?

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය අනුව ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා සියලු දෙනාම රෝහල්ගත වීමට හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවස්ථාව ලබාදිය නොහැකි බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ගර්භනී කාන්තාවන්, නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බැවින් සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් සහ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ඇමතිවරිය වැඩිදුරටත් පවසා තිබේ.

වැඩපිළිවෙල යටතේ බරපතල‍ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ඔවුන්ගේ ‍නිවෙස් තුළම රඳවා ගනිමින් ඇමතුම් මධ්‍යස්ථානයක් හරහා ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමර්ශනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය පෙන්වා දී තිබේ.

නමුත් මේ දිනවල නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් දින 10 න් ඇඳන් 10000 ක් නම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. නාමල් රාජපක්ෂ ඇමතිවරයා පවසන ආකාරයට කොවිඩ් ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අතිරේක ඇඳන් සකස් කර දීම වෙනුවෙන් දින 10 න් ඇඳන් 10000 ක් ජාතික සමාජ සද් කාර්යය ආරම්භ කර තිබේ.

එසේ නමුත් ඇමතිවරිය පවසන්නේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය තවත් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. එසේනම් ඇමතිවරියගේ ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ මේ ඇඳන් පමණක් සෞඛ්‍ය පද්ධතියට වැඩක් නොවන බව නොවේද? ඇඳන්වලට සාපේක්ෂව රෝහල් ගොඩනැගිලි, අනෙකුත් පහසුකම්, ඖෂධ, යන්ත්‍රෝපකරණ, කාර්ය මණ්ඩල වැඩිකළ යුතු බව නොවේද?

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...