මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අරුම පුදුම අත්දැකීමක් 

මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේ දෙනමක් අද අනුරාධපුර ශික්ෂණ රෝහලට  ගියේ ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආදරණීය මෑණියන්ට සෙත් පැතීම පිණිසයි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 18 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන ඇයට සෙත්පතා  පැමිණි සෝභිත හාමුදුරුවෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.

අපි 18  වැනි වට්ටුවට ගිහිල්ලා  වත්මන් ජනාධිපතිතුමන්ගේ මෑණියන්ට  සෙත් පැතුවා.  විශේෂත්වයන් රාශියක් සම්බන්ධයෙන් හිතල තමයි අපි මේ මෑණියන් වහන්ට සෙත් පතන්න පැමිණියේ . අපි දන්නා ඉතිහාසය තුළ මේක අරූම පුදුම අත්දැකීමක්. ජනාධිපතිතුමන්ගේ මෑණියන් තම ගමේ රජයට අයත් රෝහලක ප්‍රතිකාර ලබන එක ක්‍රම වෙනසක් වෙනුවෙන් ජනාධිපතිතුම  ආදර්ශවත්ව ක්‍රියාත්මක වෙන බව  පෙන්නුම් කරන කාර්යයක් .

මේ දක්වා අප දුටුවේ දේශපාලන පවුල්වල ඥාතීන්  රෝගාතුර වුණොත් කොළඹ මහා  රෝහලේ හෝ විශේෂ රෝහලක ප්‍රතිකාර ලබපු අත්දැකීමක්. එවන් අත්දැකීම් ලබාපු අපට මේ අලුත් අත්දැකීමක් වුණා. ජනාධිපතිවරයා තමන්ගේ මෑණියන් අනුරාධපුර රෝහ‍ලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන්නට යොමු කරවීම මගින් අපේ රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳ විශ්වාසය තහවුරු කරන්න ජනාධිපතිතුමා උත්සාහ කරනවා.

මෙතෙක් සිටි පාලකයෝ රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම ගිලිහන ආකාරයෙන් තමයි කටයුතු කරලා  තිබුනෙ.  ලයින් වෙනුවට වතුර ගෙන්වලා තිබුණා. ඒවගේම බාල බෙහෙත් ගෙන්වපු හැටි ඒවා ප්‍රතිකාර සඳහා යොදාගත්තු හැටි අපි දැකලා තියෙනවා. රටේ ජනතාවට මේ තරම් අපහසුකම් තිබෙද්දීත් රටේ මහජන අරමුදල් විශේෂයෙන්ම ජනාධිපති අරමුදල යොදාගෙන දේශපාලනඥයෝ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගත්ත  අපයෝජනය කළ බව හෙළිදරව් වන වාතාවරණයක් යටතේ වර්තමාන ජනාධිපතිතුමා තමන්ගේ මෑණියන්  මේ ආකාරයෙන් ප්‍රතිකාර වලට යොමු කිරීම මේ රටේ සෞඛ්‍ය සේවාව මහජන විශ්වාසය තහවුරු කිරීමට ආදර්ශවත්ව ක්‍රියාත්මක වීමක් .

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...