රනිල් 6වෙනි වතාවටත් අගමැති වෙයි

නිදහස් ශ්‍රී ලංකාවෙි 14 වන අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12)පස්වරුවේ දිවුරුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද අගමැතිධූරය ලබාගන්නා ලෙස ඉල්ලීම් ඉදිර්පත්ව තිබූ අතර ඔහු අවසානයේ ඒ සඳහා කැමැත්ත ද ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපති ධූරයෙන් ඉවත්වීම ඇතුළු කොන්දේසි කීපයක් මත අග්‍රාමාත්‍ය ධූරය බාර ගැනීමට එකඟත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනපතිවරයාට ලිපියක් ද යවා ඇත. කෙසේවෙතත් අවසානයේ අගමැති තනතුරට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහයි.

2019 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබා ගත් අතර පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණුනි.

විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිටුපස ඩීල් දේශපාලනයක් පවතින බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

හය වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහයි.එය ලෝක වාර්තාවක් ලෙස ද සැලකේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...