මුල්ලිවයික්කාල් මළවුන්ගේ ස්මාරකය කඩා බිඳ දමලා

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුධ වින්දිතයන් සැමරීමේ ස්මාරකය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් පොලීසිය කියයි.

යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මරකය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් ස්මාරකය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ පහන් කණු ස්මාරකයේ පහන් දල්වන ප්‍රධාන පහන කඩා ස්මාරකයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා තිබේ.

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම සිදුවීම සිදුව ඇතැයිද ප්‍රදේශවාසීන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...