මෙත්‍රී ගෙන් ගෝටාට ආපු ලියුම !

Date:

මේ දවස්වල කවුරුවත් ලියුම් කඩන්නේ නෑ… මොකද ලියුම් වලින් කොරෝනා බෝවෙන චාන්ස් එක වැඩියිනේ. ජනාධිපති ගෝටාගේ ගෙදර ලියුම් පෙට්ටිය පිරිල ඉතිරිල ලියුම් කරදහි මහ පාරේ හිටං. පහුනු දවසක මං ඒ ගෙදර ඉස්සරහින් යනකොට පාරේ තිබිච්ච ලියුමක් අහුලගත්ත. ඕනි දෙයක් වෙච්චදෙන් කියල ගෙදර අරං ගිහින් දිවි පරදුවට තියල ලියුම කැඩුව. බැලින්නම් හිටපු ජනාධිපති මෙත්‍රිගෙන් ගෝටාට ආපු ලියුමක්.

මචං ගෝටා,

මං මේ උබට ලියන්න කියල හිතුවෙ ස්තුති කරන්නත් එක්ක. උබ තමයි මැයි දිනේ ගොඩ දාල දුන්නේ. මචං උබට මේ ඇත්තමයි කියන්නේ කට්ටිය ඉස්සරහ සිංහයා වගේ තනියෙන් මැයි දිනයේ රැස්වීමක් තියනවා කියල කිව්වට මචං වැඩේ අලවෙන සයිස් එකක්නේ තිබ්බේ. මේ දවස්වල රැස්වීමකට තියා නිකං කථා කරන්නවත් එකෙක් හොයාගන්ඩ බෑ බන්.

රනියත් උබ ගැන මතක්කලා. මං කොල් කරනකොට ඌ චිත්‍රපටියක් බලබල ජොලියේ ඉන්නවා. මැයි දිනයෙන් පස්සේ ආයේ ඇහැරිලා වැඩ පටන්ගන්ඩයි ඌ පැලැන් කරලා තියෙන්නේ. උබ හින්ද ඌට ඉතිරි චිත්‍රපටි ටිකත් බලන්න චාන්ස් එකක් ආව කියන්නේ.

මේ…ඒක නෙමෙයි මචං, බැසිල් මලය මොකද කියන්නේ. මැයි දින හුටපටය නිසා උගේ පස්ස පැත්ත මූට්ටු වෙලා නේද තිබ්බෙ. මැයි රැලිය තිබ්බනම් උගෙත් පටි රෝල්. උබට කියන්න මට ඌව අල්ලන්නේ නෑ. දන්නවනේ ඒ දවස්වලම මිනිහ මට අරියාදුවටමනේ වැඩ කලේ.

බලං ගියාම මේ කොරෝනා කෙරුවාවත් නරකම නෑ නේද මචං. මේක අපි ඔක්කොම ගොඩදාල දෙනවනේ. උබේ වාසනාව තමයි ඉතිං. මේක යුද්දෙට වැඩිය හොදයි, ජිවිත අවදානමකුත් නෑ. කොරෝනා නැත්නම් වැඩක් කරන්න තිබ්බ කියල නිකං කතා කර කර ඉන්න තමයි තියෙන්නේ. මං ඔය පුටුවේ ඉන්න කාලේ ඔයවගේ චාන්ස් එකක් තිබ්බේ නෑනේ.

සජිත් මලයට නම් මේවා ගැන ගානක් නෑ. ඌට මැයි දිනේ තිබ්බත් එකයි නැතත් එකයි. උබේ වාසනාව තමයි මෙහෙම එකෙක් විපක්ෂයේ ලොක්ක උනේ. එක අතකට ඌට දොස් කියන්නත් බෑ. මොකද උබල අපේ හාමිනේලා වගේ නෙමෙයිනේ උගේ වයිෆ්.

රතු එවුන් නම් වැඩේ අතහැරලා නෑ වගේ නේද බං. කමක් නෑ බන් උන්ටත් ජොලියක් තියෙන්න එපැයි.

පුළුවන් වෙලාවක කෝල් එකක් දීපන්…..මිනිහෙක්ගේ කටහඩ අහන්නත් ආසයි බන්.

මීට මෙත්‍රී

ප.ලි : අපේ ඩඩ්ලි මලයත් උබව මතක්කරන්න කීව. කරන උදවු වලට ස්තුතියි කියල කීවේ. ඌ කියනව උබ හරි අහිංසකයිලු. කොච්චර අහිංසකද කියල කියනවනම් වී හැදෙන්නේ කුබුරුවල නෙමෙයි කොම්පියුටර් වල කියලලු උබ හිතගෙන ඉන්නේ… අනේ මන්ද.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...