රනිල් ජනතා මුදලින් එංගලන්තයට – ලංකාව ආහාර උද්ධමනයෙන් ලෝකයෙන් 4වැනි ස්ථානයට

රනිල් වික්‍රමසිංහ දෙවැනි එලිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් රට තුළ විශේෂ කතා බහක් ඇතිව තිබෙනවා. රනිල් මෙළෙස ජනතා මුදල් ජනතා මුදල් වියදම් කරමින් අපේ රට බලහත්කාරයෙන් යටත් කරගෙන සිටි රැජිනකට ගෞරව කිරීමට යද්දී රටේ ජනතාව තව තවත් වලපල්ලට යමින් සිටින බවට ජනතාව චෝදනා කරයි.

මේ අතර ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය සහිත රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ සිටින බව 2021 සැප්තැම්බර් මස සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලොව රටවල් 53ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.

මෙරට ආහාර උද්ධමනය 91%ක් ලෙස එහි සඳහන් වේ.

ලොව වැඩිම ආහාර උද්ධමනය සහිත රට සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එම අගය සියයට 353කි. ලෙබනනය හා වෙනිසියුලාව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථානයේ පසුවේ.

තුර්කිය, ඉරානය, ආර්ජන්ටිනාව, මෝල්ඩෝවා, ඉතියෝපියාව සහ රුවන්ඩාව එම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 අතරට ඇතුළත් සෙසු රටවල් වේ.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 2021 වසරේ සැප්තැම්බර් මස සියයට 9.9ක වැනි අගයක පැවති අතර වසරකට ආසන්න කාලයක් තුළ එය සියයට 90.9 දක්වා දස ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...