මිනිස්සුන්ට එළවලු කන්න නෑ, අපිට විකුණගන්න විදිහක් නෑ – එළවලු ගොවීන් මැසිවිලි නගයි

Date:

සංචරණ සීමා පැනවීමත් සමඟ බොහෝ ප්‍රදේශවල එළවලු ගොවීන්ට තම අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. මෙයට හේතුව සංචරණ සීමා හේතුවෙන් එළවලු වෙළඳුන් මිලදී ගැනීමට නොපැමිණිමයි. මේ හේතුවෙන් ගොවීන්ට තම අස්වනු විසිකිරීමට සහ ඉතා අඩු මුදලකට විකුණා දැමීමට සිදුව තිබේ. එහෙත් ඊට සාපේක්ෂව කොළඹට තදාසන්න ප්‍රදේශවල ජනතාවට එළවලු හිඟයකට මුහුණ පෑමට සිදුව තිබේ. තිබෙන එළවලු ඉතා අධික මිලකට අලෙවි වන ආකාරයද දැකිය හැක.

උදාහරණයකට බණ්ඩාරවෙල තොගවෙළඳ පොලේ ඊයේ දිනයේ බොංචි රු 20 යි, ලීස් රු15 යි, තක්කාලි රු 20යි වුවත් එය කොළඹදී අලෙවි වී ඇත්තේ හතර දස ගුණයකට වඩා වැඩි මිලකටයි.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව ලෙස ගොවීන් චෝදනා කර සිටින්නේ සංචරණ සීමා පනවන බව කලින් දැනුම් නොදීම සහ එම විශේෂ තත්ත්වය යටතේ එළවලු බෙදාහැරීමට අදාළ නිසි වැඩපිළිවෙලක් නොතිබීමයි.

සංචරණ සීමා පනවා තිබුනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවසර ලැබෙන බව මාධ්‍ය ඉදිරියට පැමිණෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ හමුදාපතිවරයා උදේ සවස මතුරමින් සිටියි. නමුත් ඇතැම් ගොවීන් සහ වෙළඳුන් චෝදනා කරන්නේ සංචරණ සීමා හේතුවෙන් වෙළඳුන්ට පැමිණීමට නොහැකිව ඇති බවයි.

තමන් ණය වී වගා කරන ලද අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා තමන් කබලෙන් ලිපට වැටි ඇති බවද ගොවීන් වැඩිදුරටත් පවසයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...