Breaking News

ඊශ්‍රාලය ආගමික උත්සවයකදී 45 දෙනෙකු මියයති.

උපාලි ජයසිංහ

පසුගිය බ්‍රහස්පතින්දා ඊශ්‍රාලයේ මෙරොන් කන්ද අසල පැවති ලාග් බී ඔමර් ආගමික උත්සවයේදී සිදුවූ විපතට ගොදුරු වූවන්ගෙන් 20 කට වැඩි ප්‍රමාණයක් එක රැයකින් වළලනු ලැබීය.අනතුරින් මියගිය 32 දෙනෙකුගේ සිරුරු මෙතෙක් හඳුනාගෙන තිබේ. මිය ගිය සංඛ්‍යාව 45 කි. සියල්ලෝම මිය ගියේ අධික ලෙස තෙරපීමෙන් වැටීමෙන් හෝ පෑගීමෙනි.

ඊශ්‍රායල මාධ්‍ය ආයතන විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි 100,000 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ලග් බී ඔමර් උළෙලේ සංවිධායකයින්ට බැතිමතුන් කිසිවෙක් සීමා නොකරන ලෙසට ආගමික නායකයින් බලපෑම් කර ඇති බව සෙනසුරාදා ප්‍රකාශ විය. මන්දයත් 100,000 කට අධික පිරිසක් පැමිණ සිටි බැවිනි. මීට වසර ගණනාවකට පෙර මෙම ස්ථානය රාජ්‍ය විමර්ශකයින් විසින් අනතුරුදායක යැයි ලේබල් කරන ලද වන්දනා ස්ථානයකි. 2008 සහ 2011 වර්ෂ වල වාර්තා අනුව සහභාගීත්වය ‘මිනිස් ජීවිතයට අනතුරක්’ වන බවට අනතුරු අඟවා ඇති අතර ධාරිතාව 15,000 නොඉක්මවිය යුතු බවට උපදෙස් දී තිබේ.

බලගතු අන්ත-ඕතඩොක්ස් රබ්බිවරුන් කෝපවෙතැයි දේශපාලකයා හා පොලිසිය ඡනතාවට සීමා පැනවීමට මැලි කමක් දක්වා ඇති බව මෙහි ඇත්ත කතාවයි.
පසුව පොලිසිය සහ ප්‍රාදේශීය රජයේ නිලධාරීන් පැවසුවේ මවුන්ට් මෙරොන් භූමිය වෙනම පෞද්ගලික ආගමික කණ්ඩායම් හතරක් විසින් පාලනය කරන බැවින් අධීක්ෂණය කිරීම දුෂ්කර බවයි.

උත්සවයට පෙර ඊශ්‍රායලයේ හාරෙඩි ආගමික දේශපාලන පක්ෂයක් වන ෂාස් හි ප්‍රධානියා මහජන ආරක්ෂක අමාත්‍ය අමීර් ඔහානාට ලිපියක් යවමින් කියා සිටියේ ‘මෙරොන් වෙත පැමිණීමට කැමති ඕනෑම කෙනෙකුට එසේ කිරීමට ඔබ ඉඩ දිය යුතු’ බවයි. ඔහානා පසුව එම ඉල්ලීම අනුමත කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, එම නිසා කෝවිඩ් ආසාදන පිළිබඳ බියක් තිබියදීත් මෙරොන් හි සහභාගී වූවන්ගේ සංඛ්‍යාවට කිසිදු සීමාවක් පනවා නැත. ඊශ්‍රායල් ආගමික නායකත්වය එපමණටම බලගතුය. එය දේශපාලනයට හා රටෙි පවතින නීති පද්ධතියට උඩිනි. කෙසේ වුව ඊශ්‍රාලය අද ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇගේ ධඡය අඩකුඹු කර ඇත.

leave a reply