Breaking News

රිලවා විකුණගෙන කන මහින්ද අමරවීර ට පිළිතුරු

රවින්ද්‍ර කාරියවසම්

ලංකාවට ආවේණික රිලවා චීනයට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති තීරණයට පරිසරවේදීන් ලෙස අප අපේ විරෝධය ප්‍රකාශ කර සිටිමු . අප එයට විරුද්ධ වීමට අදාළ සත්ව විද්‍යාත්මක , සංස්කෘතික හා නීතිමය කාරණා පහත අයුරින් දක්වා සිටීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකාවට ආවේණික රිලව් භූගෝල ව්‍යාප්තිය අනුව අප්‍රිකානු හා ආසියානු කලාප වලට අයත් එක්ක පුරාණ ලෝකයේ ප්‍රිමාටාවන් ගෙන් බෙදී එන සත්ව විශේෂයක් වන අතර මොවුන් මිනිසාට ඉතාමත් ළඟින් නෑකම් ප්‍රිමාටා ගෝත්‍රයේ සත්ත්ව කාණ්ඩයකි. ලංකාව තුළ රිලවුන් උප විශේෂ තුනක් වාර්තා වන අතර ඔහුන් වියළි කලාපය, තෙත් කලාපය, හා කඳුකර ප්‍රදේශයන් තුළ ව්‍යාප්තව සිටි.

Macaca sinica sinica, වියළි කලාපය
Macaca sinica aurifrons, තෙත් කලාපය
Macaca sinica opisthomelas, කඳුකර ප්‍රදේශ

අද වන විට ඔවුන් මෙන්ම වාසස්ථාන සහ ආහාර හිගය නිසා අලි ඇතුන්, මොණරු මේන් මිනිස් වාසස්ථාන තුළටආහාර සොයා ඇතුළු වීමට පටන්ගෙන ඇත. මහින්ද අමරවීර අමාත්‍යවරයාට අනුව මෙරට රිලව් න් ලක්ෂ 30 ක් පමණ සිටින බවට කර ඇති ප්‍රකාශයට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අතර ඒ සඳහා යාවත්කාලීන වූ මෑතක සිදු වූ සංගණනයක් නොමැත . චීනයේ සත්ව උද්‍යාන වලට රිලව්න ලක්ෂයක් ලබා දෙන බව කීවද මේ ලබාදෙන ලක්ෂය පර්යේෂණ වලට සහ ආහාර සඳහා චීනයට විකිණීමට සාකච්ඡා කර ඇත.
ජාත්‍යන්තර IUCN ආයතනය මගින් මෙම සත්ව විශේෂය ආවේණික වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සත්වයෙක් විදිහට නම් කර ඇති අතර එවැනි සත්ත්ව විශේෂයක් කිසිදු හෝ කාරණාවක් මත පිට රටකට යැවීම වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අමු අමුවේ උල්ලංඝනය කරන්කි.

මෙරටට ආවේණික සත්ත්ව හෝ ශාඛ වෙනත් රටකට ලබාදීම මගින් ජාන මංකොල්ලයක් සිදුවිමට හැකිය. ලංකාවේ රිලවුන් ගහනය වැඩිවී ඇති බවට සිදුකරන ප්‍රකාශ සත්‍ය නොවන අතර පසුගිය කාලයේ සිදු වූ දැවැන්ත පාරිසරික විනාශය හා වනාන්තර 16,% දක්වා අඩුවීම රිලව් , අලි, මොණරු ඇතුලෙ සතුන් හා මිනිසුන් ගැටුම නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. යළි පුබුදමු ශ්‍රී ලංකා, ජාතික භෞතික සැලැස්ම, ආසියාවේ ආශ්චර්යය,කඩිනම් මහවැලි වැනි මානව පරිමාණ නොවන සංවර්ධන ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස සතුන් හා මිනිසුන් අතර අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබේ.

මෙතෙක් පැමිණි සියලු රජයන් සිදු කරනු ලැබූයේ අතීසාරයට අමුඩය ගැසීමකි. කුඩා දූපතක් වන අප රටේ දැනට හෝ ඉතිරි වී තිබෙන වනාන්තර ටික ආරක්ෂා කිරීමට වැඩපිලිවෙලක් නිර්මාණය කල හොත් මිනිසුන් සහ සතුන් අතර සිදුවන මෙම අරගලය තවත් වසර කිහිපයක් ඇතුළත ස්වභාවිකවම සමථයකට පත් වනු ඇත. නමුත් දැනට ඉතිරි වී ඇති වනාන්තර ටික ද කපා දමමින් පාලකයන් මෙම තත්ත්වය උත්සන්න කරන අතර ගම්වදින සතුන් කලහාකාරී සතුන් ලෙස සලකා විකිණීම ආරම්භ කර ඇත. 2006 නිර්මාණය කරන ලද ජාතික අලි කළමනාකරණ ප්‍රතිපත්තිය තුළ ද ඇත්තේ මෙකී විකිණීමේ ක්‍රියාවලියයි. ඒ අනුව විලවුන් පමණක් නොව ඉදිරියේ දී , මොනරුන්, අලි ඇතුන් වගාවන් වලට හානි කරනවායැයි කියා විකිණීම සිදු කරනු ඇත.

රවින්ද්‍ර කාරියවසම්
(CENS)

leave a reply