හෙට සිට ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි

හෙට (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ,සෞඛ්‍ය , ආරක්ෂක ,විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඉන්ධන පිරවුම්හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සඳහා මෙම කාලය තුළ ඉන්ධන නිකුත් නොකරන බවද ඔහු පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් නැවතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එසේම බස්නාහිර පළාතේ පාසල් මේ වනවිට වසා දමා තිබේ.

මේ අනුව මෙම තත්ත්වය යටතේ මෙම දින කිහිපය තුළ රටම අක්‍රීය වීමේ අවදානමක් මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...