ඔබ උදව් එවන්නේ නැත්නම් අපි සියල්ලෝම ඉක්මනින් මිය යනු ඇත

Alarm Phone නැමැති ස්වේච්ඡා සංවිධානයට ලැබුණු පණිවිඩයක් අද යුරෝපා මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ. ඉන් කියැවෙන්නේ ජාත්‍යන්තර මුහුදේ අතරමං වූ සංක්‍රමණිකයන් පිරිසක් ගලවා ගැනීම සඳහා මැදිහත් වෙන්නට කරන ඉල්ලීමක්. සංක්‍රමණිකයන් 95 දෙනෙකුගෙන් සමන්විත වූ කුඩා බෝට්ටුවක් ජාත්‍යන්තර මුහුදු තුළ අනතුරට පත්ව ඇති අතර එය මහ මුහුදේ ගිලී යෑමේ අවදානමක් පවතින බවයි. එනිසා අසල්වාසි ඉතාලිය කඩිනමින් මැදිහත්ව ඔවුන්ව බේරා ගැනීම සිදු කළ යුතු ව තිබේ. එසේ නොමැතිව ජාත්‍යන්තර මුහුදේ අතරමං වී සිටීම හේතු කර ගෙන ඔවුන් නැවත වෙනත් දිසාවකට යන්නට සලස්වා නොසලකා හැරීමෙන් ඔවුන්ගේ ජීවිත අනතුරට පත් වීමට තිබෙන ඉඩකඩ වැඩි බව එම පණිවිඩකරුවන් අවධාරණය කරමින් සිටී.

“මුහුද අති විශාලයි, රළ ඉතා ඉහළයි, බෝට්ටුව කුඩායි. ඔබ උදව් එවන්නේ නැත්නම් අපි සියල්ලෝම ඉක්මනින් මිය යනු ඇත. කරුණාකර යමෙකු එවන්න , බෝට්ටුවේ වතුර ගොඩක් තිබේ ”. ජාත්‍යන්තර මුහුදේ අනතුරට පත්ව සිටින මිනිසුන්ගේ වචන මේවාය. යුරෝපා සංගමය මැදිහත්ව ඔවුන්ව බේරා ගනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බව! ”ට්විටර් පණිවිඩයේ සඳහන්ව තිබේ.

ගෙවීගිය පැය 72 තුළ මෙසේ ඉතාලිය හරහා යුරෝපයට ඇතුළු වීමට උත්සාහ දැරූ මහ මුහුදේ අතරමං වූ සංක්‍රමණිකයන් 455 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ඉතාලි වෙරළාරක්ෂක බළකායට සම්බන්ධ සංවිධාන කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මේ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේසේ පැමිණෙන කොපමණ ප්‍රමාණයක් මුහුදේ ගිලී මිය යන්නේ ද යන්න පිළිබඳව අදහසක් අපට සිතාගැනීමට නොහැකිය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...