Breaking News

රනිල්ගේ ජාතිය ඇමතීම ගෝඨාභයගේ පරිප්පු සැමන් ජාතිය ඇමතීමට සමානයි

අද (සැප්තැම්බර්17)   රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතුවේය . රනිල් හිටපු ජනාධිපතිය. අනුර කුමාර දිසානායක සමග තරග කර පැරදුනු ජනාධිපතිය. රනිල් වික්‍රමසිංහ වැටුණු රට ගොඩගත්තා කියා පම්පෝරි ගැසුවත් ශ්‍රී ලංකාවේ නමවන විධායක ජනාධිපති තෝරාගන්නා තරඟයේදී රනිල් වික්‍රමසිංහව රටේ ජනතාව ඉතා කුජීත ලෙස පරාජයට පත් කළේය.

රනිල් වික්‍රමසිංහ යනු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු නායකයෙකි. 2019 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක්වත් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොලැබුණි. පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අනතුරුව මුහුණ දුන් පළමු ජනාධිපති සටනේදී යළි පරාජයට පත්විය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය අතහරින්නට ලෝභ රනිල් විවිධ උපක්‍රම උපරවැටී යොදමින් තවදුරටත් එම තනතුරේ බලය තබාගෙන සිටීමට තැත් කරමින් සිටින අතර එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටට වින කරපු කණ්ඩායමක් සමඟ ගැස්සිලින්ඩරේනි. එළඹෙන මහ මැතිවරණයේදී ගැස්සිලින්ඩරය අන්ත පරාජයකට පත්වෙන බව රනිල් වික්‍රමසිංහ දන්නවා විය හැකිය. එමගින් සිදුවන හානිය අවම කර ගැනීමට රනිල් හදිසියේම ජනතාව ආමන්ත්‍රණය කරමින් වක්‍ර ලෙස ඉල්ලා සිටියේ තම කණ්ඩායමට යම් බලයක් ලබා දෙන්නට කියාය. රනිල්ගේ ජාතිය ඇමතීම පරාජිතයෙකුගේ අඳෝනාවකි. එහි ගණන් ගතයුතු කිසිවක් හෝ රටට වැඩදායි කිසිවක් නොතිබුණි.

leave a reply