ආචාර – සමාචාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි ඉතා කුළුපඟ ආකාරයෙන් දෑත් පටලාගෙන සිටින ඡායාරූප කිහිපයක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබේ.

හිටපු ජනාධිපතිවරයා සහ චන්දිම හෙට්ටිආරච්චි මෙලෙස මුණගැසී ඇත්තේ බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යඋත්සවයේදීයි.

එම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත යන අයද සහභාගී වී සිට ඇත.

එම උත්සව අවස්ථාවට පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැක දැඩි සොම්නසට පත්ව ඔහුගේ දෑතම බදා ඉතා කුළුපඟව කතාබස් කරන අයුරු ඡායාරූපවල දැක්වේ.

ඇතැමුන් මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරන්නේ එය ජනතා ආකර්ෂණය සහිත නායකයෙකු හමුවූ විට සාමාන්‍ය සමාචාර කිරීමක් ලෙස දක්වා තිබේ.

චන්දිම හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පැමිණි මොහොතේ ආයුබෝවන් කියා සමාචාර කිරීමට අමතරව ළඟ හිදගෙන දෑත් පටලවා ඉතා මිතුරු ලීලාවෙන් කතා කරන ආකාරය ඡායාරූප කිහිපයකම දැක්වේ. එය සමාචාර කිරීමෙන් එහාට යාමකි.

දේශපාලන විරුද්ධවාදියෙකු මුණ ගැසුණු විට ඔරවාගෙන යාමේ සිරිතක් නැතත් එම දේශපාලන විරුද්ධවාදී බව ගොඩනැගී ඇත්තේ ප්‍රතිපත්ති මත නම් ඔවුන් සමඟ මිතුරු කම් පෑමේ අවශ්‍යතාවයක් ද නැත.

මහින්ද යනු රටේ සාමාන්‍ය වැඩිහිටියෙකු නොවේ. ජනතා ද්‍රෝහී දේශපාලනඥකි. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයට අනුවද මහින්ද ජනතා ද්‍රෝහී පුද්ගලයෙකි.

ජනතා ද්‍රෝහීන්ට සාමාන්‍ය සමාචාර කිරීමෙන් එහාට මිතුරු කතා කරන්නේ ඇයිද යන්න ඔවුන් පැහැදිලි කල යුතුය. නැතිනම් මහින්ද වැනි ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයෙකු හමුවූ විට කුමක් කරන්නේද යන්න නොදන්නේ නම් එය චන්දිමලාගේ දේශපාලනයේ ඇති දුර්වලතාවයකි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...