මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරයි

වැල්ලවත්ත කොමර්ෂල් බැංකු ශාඛාවේ සේවයේ නියතු පුද්ගලයෙකු බීමතින් පැදවූ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා 2020.05.20 දින රාත්‍රී 8.30 ට පමණ බණ්ඩාරගම පාරේ මාකන්දන හන්දියේ නවතා ගෙන තිබු මෝටර් සයිකලයක ගැටී ඇත. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදීසි අනතුරු වාට්‌ටුවට ඇතුළත් කර ඇති අතර මේ වන විට ශාන්ත විජේසුරිය ගේ කකුලේ අස්ථියක් බිදීම නිසා ශල්‍යකර්මයකට භාජනය කර ඇත.

හප්පා පලා යෑමට උත්සාහ උත්සාහ කල පුද්ගලයින් දෙදෙනාට අවට ගම්වාසීන් පහරදී පොලිසියට බාර දී ඇත. නමුත් අනතුරට ලක් දෙදෙනා රෝහල් ගතකර සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට රියදුරා එදිනම නිදහස් කර ඇති බවට සැකයක් පවතීන බවත් ඒ සම්බන්ධව අදාළ රථවාහන අංශයේ නිලධාරියාගෙන්(පොලිස් සැරයන් විජිත – 73182) විමසා සිටියදී එසේ ඇසීමට හේතුව කුමක් දැයි පැමිණිලි පාර්ශවයෙන් අසා තිබෙන අතර යම්කිසි මුදලක් (පගාවක් ) ලබා ගෙන මෙම පුද්ගලයා මෙලෙස නිදහස් කිරීමට පෙළඹුණා දැයි සාධාරණ සැකයක් පැමිණලි පාර්ශවයට ඇතිවී තිබේ . මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා .

පැමිණලි අංකය : BR 862/20 වන අතර රියදුරුව දැනට ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...