මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරයි

වැල්ලවත්ත කොමර්ෂල් බැංකු ශාඛාවේ සේවයේ නියතු පුද්ගලයෙකු බීමතින් පැදවූ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා 2020.05.20 දින රාත්‍රී 8.30 ට පමණ බණ්ඩාරගම පාරේ මාකන්දන හන්දියේ නවතා ගෙන තිබු මෝටර් සයිකලයක ගැටී ඇත. මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදීසි අනතුරු වාට්‌ටුවට ඇතුළත් කර ඇති අතර මේ වන විට ශාන්ත විජේසුරිය ගේ කකුලේ අස්ථියක් බිදීම නිසා ශල්‍යකර්මයකට භාජනය කර ඇත.

හප්පා පලා යෑමට උත්සාහ උත්සාහ කල පුද්ගලයින් දෙදෙනාට අවට ගම්වාසීන් පහරදී පොලිසියට බාර දී ඇත. නමුත් අනතුරට ලක් දෙදෙනා රෝහල් ගතකර සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට රියදුරා එදිනම නිදහස් කර ඇති බවට සැකයක් පවතීන බවත් ඒ සම්බන්ධව අදාළ රථවාහන අංශයේ නිලධාරියාගෙන්(පොලිස් සැරයන් විජිත – 73182) විමසා සිටියදී එසේ ඇසීමට හේතුව කුමක් දැයි පැමිණිලි පාර්ශවයෙන් අසා තිබෙන අතර යම්කිසි මුදලක් (පගාවක් ) ලබා ගෙන මෙම පුද්ගලයා මෙලෙස නිදහස් කිරීමට පෙළඹුණා දැයි සාධාරණ සැකයක් පැමිණලි පාර්ශවයට ඇතිවී තිබේ . මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා .

පැමිණලි අංකය : BR 862/20 වන අතර රියදුරුව දැනට ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...