පියත් නිකේෂලට පහරදුන් හිටපු නියෝජ්‍ය නගරාධිපති  රෝහල් ගතවේ

අරගලයේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකු වූ  පියත් නිකේෂලට  කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක්  පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඔහු මෙම මැර ප්‍රහාරයට ලක් වූයේ ඔහුගේ නිවසින් පිටව යන අතරතුරේදීය.  ඔහු ගමන්ගත් වාහනයට ද බරපතළ හානි සිද්ධ කරමින්  මෙම මැර කල්ලිය  පියත් නිකේෂලට වාහනයෙන් එළියට ඇද පහරදෙන හැටි  වීඩියෝ සාක්ෂි මගින් සනාථ වී තිබුණද  ඒ සම්බන්ධයෙන් පොලීසිය ස ක්‍රීය මැදිහත්වීමක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව ගැටළු මතු වී ඇති බව දැනගන්නට තිබේ.

පියත් නිකේෂලට  පහරදුන් නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ වනවිට රෝහල් ගත වී ඇති බව වාර්තා වේ. මෙම පහරදීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ මැරයො විසින් 2022 මැයි මාසේ නම වෙනිදා ගෝල්පේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම  සිහිපත් කරමින් ඔහු විසින් ඊයේ දිනයේ  සමාජ මාධ්‍ය වෙත මුදා හළ වීඩියෝවක් බව දැනගන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...