පියත් නිකේෂලට පහරදුන් හිටපු නියෝජ්‍ය නගරාධිපති  රෝහල් ගතවේ

අරගලයේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකු වූ  පියත් නිකේෂලට  කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක්  පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඔහු මෙම මැර ප්‍රහාරයට ලක් වූයේ ඔහුගේ නිවසින් පිටව යන අතරතුරේදීය.  ඔහු ගමන්ගත් වාහනයට ද බරපතළ හානි සිද්ධ කරමින්  මෙම මැර කල්ලිය  පියත් නිකේෂලට වාහනයෙන් එළියට ඇද පහරදෙන හැටි  වීඩියෝ සාක්ෂි මගින් සනාථ වී තිබුණද  ඒ සම්බන්ධයෙන් පොලීසිය ස ක්‍රීය මැදිහත්වීමක් සිදු කරන්නේ ද යන්න පිළිබඳව ගැටළු මතු වී ඇති බව දැනගන්නට තිබේ.

පියත් නිකේෂලට  පහරදුන් නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ වනවිට රෝහල් ගත වී ඇති බව වාර්තා වේ. මෙම පහරදීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ මැරයො විසින් 2022 මැයි මාසේ නම වෙනිදා ගෝල්පේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම  සිහිපත් කරමින් ඔහු විසින් ඊයේ දිනයේ  සමාජ මාධ්‍ය වෙත මුදා හළ වීඩියෝවක් බව දැනගන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...