මිස්ට මං මතකයිද ? Miss Can You Remember me ?

පවන් ශාමිකගේ කවියක් ඇසුරු කරගෙන, සංජීව සෙනෙවිරත්න ඇතුළු පිරිස ඒ කවිය වෙනම art එහෙකින් අපි අතරට ගෙනත් තියෙනවා. වෙනස් විදිහකට. එකම විදිහ නැතුව වෙනස් විදිහකට හමුවෙද්දි ඒකෙන් අපිට අලුත් ආශ්වාදයක් ලැබෙනවා නම් පරණ විදිහ වෙනස් කලාට අවුලක් නැහැ. කවි කියන එක දැන් අලුත් වැඩක්. හැබැයි හැමෝම ඒක එකම විදිහට කියද්දී කොච්චර රහ තිබුනත් කිසිම වෙනසක් නැති එකක් නිසා ආපසු අහන්න තරම් උවමනාවක් ඇති වෙන්නේ නැහැ.

එකෙක් බඩවියත රැක ගන්න කරන්නම දෙයක් නැති හින්දා පොල් රොටියි ඌරු මස් හොද්දකුයි හදාගෙන පාර අයිනේ තියාගෙන විකුනනවා. ඒක අලුත් වැඩක් කියල දැනිච්ච නිසා මිනිස්සු වටවෙලා පලවෙනි දවසේ ඒක අරගෙන කෑවා . රහ ගුණ ගැන නෙමෙයි පලවෙනි දවසෙ හිතුවේ පාරේ තියන් පොල් රොටියි ඌරු මස් හොදියි විකුණන එක පළවෙනි දවසේ අලුත් වැඩක්. හැබැයි පහුවෙනිදා රටේම එවුන් ඌරු මස් හොදියි පොල් රොටියි පාර අයිනේ තියන් විකුණන්න පටන් ගන්නවා. එකෙක්ටවත් බිස්නස් නෑ. මොකද ගන්න එකෙක් නෑ. හැමෝම වූ වෙළෙන්දෝ වෙලා , පාරිභෝගිකයෝ නැතිවෙලා. ඒ හින්දා හැමෝටම කෙලවෙනවා. සතියක් දෙකක් යද්දි පොල් රොටියි ඌරු මසුයි පාරේ තියන් විකුණන එක කාටවත්ම අදාල නැති වෙනවා.

ඒ වගේ තමයි සංජීව මේ විදිහට ආයෙ මේ වැඩේ කරන්න එපා. වෙනස් විදිහකට කරපං මචං.. හෙට අනිද්දා වෙද්දී ඔය විදිහ තව උන් ගොඩක් කරයි. ආයෙත් කියනවා මේක පට්ට. හැබැයි මේ විදිහට අයෙත් කරන්න එපා . කාලය අරන් හෙමිහිට වෙන විදිහකට ආයෙ අලුත් වෙලා වරෙන් …..

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...