ගම්මන්පිලට කනේ පහරක්. සාරාන් හශීම්ගෙන් ඔබ්බට මහ මුලකරුවෙක් ඉන්න බවට විශ්වාසයක්

එදා සිට අද දක්වාම පාස්කු ප්‍රහාරයේ වැරදි කාරීත්වය සාරාන් ළඟින් නවත්වන්න පිරිසක් උත්සාහ දරමින් සිටින බව අද පැවති මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරසිටියා.

එළඹෙන 21 වන දාට පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 7 පිරීම නිමිත්තෙන් සිදු කිරීමට නියමිත වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීමට මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණි. එළඹෙන අප්‍රියෙල් 19 වන ඉරිදා යාඥාවේ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙන බවත් එදින පාස්කු ප්‍රහාරය වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට කිරීම සඳහා යාඥා කටයුතුවල නියැලෙන ලෙස සියලුම කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියා .

2019 අප්‍රේල් 21 වන දා පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන දැන් අලුතෙන් ආරම්භ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ විමර්ශන පිළිවෙලකට ක්‍රමවත්ව අපක්ෂපාතීව පැවැත්වෙනවා කියලා.එහි යම් පමාවක් තිබුණත් විමර්ශන පිළිවෙළකට කෙරෙනවා කියන එක පෙනෙන්න තියෙනවා.

විමර්ශන පිළිවෙලකට කෙරීගෙන යනකොට ඇතැම් පුද්ගලයන් කලබල වෙලා තියෙනවා. ඒ බව මහජනතාවටත් දැනිලා තියෙනවා.

මේ පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ සාරාන් හශීම් සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම පමණක්ය කියලා මතයක් ගොඩනගන්න එදා ඉඳලම සමහර අය උත්සාහ දැරුවා.ඒ වෙනුවෙන් පොත් ලිව්වා, ඒවා ප්‍රසිද්ධ කළා ඒ මතය සමාජගත කරන්න මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තවමත් උත්සාහ දරනවා.

පොත්පත් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් නෙමෙයි මාධ්‍ය ඉදිරියේ නොයෙකුත් මතවාද ඉදිරිපත් කරලා සාරාන් හශීම් ළඟින් මේ ප්‍රශ්නය නවත්වන්න ඔවුන් අදටත් උත්සාහ දරමින් ඉන්නවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි සහරාම් හෂින්ට ඉහළින් මේකට සම්බන්ධ පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීප දෙනෙක් සිටින බව තමයි අපි විශ්වාස කරන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...