ඇමරිකාවේ පදේට නටන්නේ නැතුව අපි සම්බන්ධතා ගොඩ නගාගමු – රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති

Date:

එක්සත් ජනපදය ඉඩ දෙන විට පමණක් ඇතිකරගන්නා බලශක්තිය සඳහා වන ගිවිසුම්වලට පමණක් ලංකාවේ සහ රුසියාවේ සම්බන්ධකම් සීමා කරගත යුතු නැති බවත් එය ශක්තිමත් නෛතික හා ආර්ථික පදනමක් මත ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් රුසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ පවසා ඇතැයි ඩේලි මිරර් වාර්තා කර තිබේ.

රුසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා මේ දිනවල ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා සමඟ පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ ලංකාව රුසියානු සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවයි.

සංචාරකයින්ගෙන් පසු, වෙළඳාමේ පමණක් නොව තාක්ෂණික සේවා ආයෝජනද මෙහි පැමිණිය හැකි බව නියෝජය ඇමතිවරයා පවසා ඇත.

”මේ සඳහා, අපි එකිනෙකා හොඳින් දැන හඳුනා ගත යුතුය – එක්සත් ජනපදය එයට ඉඩ දෙන විට පමණක් බලශක්තිය සඳහා ගනුදෙනු සීමා කිරීමෙන් එහාට ශක්තිමත් නෛතික හා ආර්ථික පදනමක් මත එය ගොඩ නැගිය යුතුයි, ”ඔහු පැවසීය.

මෙහිදී ප්‍රශ්නයකට දෙමින්, රුසියානු තෙල් ඉල්ලා සිටින එකම රට ශ්‍රී ලංකාව නොවන බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ ඉල්ලීම දැන් සලකා බලමින් පවතින බව ඔහු පැවසීය

“අපි තෙල් පිළිබඳ ඉල්ලීම් අධ්‍යයනය කරනවා . නමුත් අපට ඊට වඩා දිගු සම්බන්ධතාවයක් තිබේ නම්, එය සමස්ත තත්වය මෙයට වඩා බෙහෙවින් වෙනස් ලෙස දකින්න පෙළඹවීමක් ඇති කරයි,” ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද ද්විපාර්ශ්වික ගැටළු සාකච්ඡා කරනු ඇත.

“බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින්ගේ මෑත සංචාරයෙන් ගිවිසුමක් ඇතිවිය හැකි බව පෙන්නුම් කර තියෙනවා. මෙම සංචාරයේ පසු විපරම මත රුසියාවෙන් බලශක්ති සැපයුම සම්බන්ධයෙන් යම් ධනාත්මක ප්‍රතිඵල දකින්නට ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ගැටුම ඉක්මනින් අවසන් කරන තරමට, එය සැමට යහපත් වේවි,” ඔහු පැවසීය.

රුසියාව කාලයක පටන් ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කරගැනීමට ඉල්ලීම් කරමින් සිටියි. නමුත් ලංකාව පාර්ශවයෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව රුසියාව චෝදනා කර තිබුණි. එයට හොඳම උදාහරණය වූවේ පසුගිය වසරේ පැවති ප්‍රසිද්ධ උත්සවයකදී ලංකාවේ රුසියානු තානාපතිවරයා ලංකාවට සහය වීමට චීනය සහ රුසියාව කැමැත්තෙන් සිටින නමුත් ලංකාවේ ආණ්ඩුව ඒ සඳහා කිසිදු උනන්දුවක් නොදක්වන බව ප්‍රකාශ කර තිබුණි. එසේම තමන් ජනාධිපති අනුර කුමාර හමුවී රුසියානු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ලිපියක් බාරදෙමින් බ්‍රික්ස් සමුළුව සඳහා ආරාධනා කර සිටියත් ඒ සඳහා උනන්දුවක් නොදැක්වූ බව තානාපතිවරයා පවසා තිබුණි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...