ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මානව හිමිකම් කොමිසම අවධානයෙන්

Date:

ලංකාව තුළ උද්ගතව ඇති ත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධානයෙන් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. ඉදිරියේදී රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ගේ දැඩි අවධානය යොමුවී ඇති බවත් විවිධ නීති-රීති හරහා ාමකාමී මහජන උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විමසිල්ලෙන් සිටින බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රි ලංකාවේ තත්ත්වය ගැන සමීපව අධ්‍යයනය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

“මාර්තු 31 වනදා ජනාධිපතිවරයාගේ නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් පසුව රජය විසින් අප්‍රේල් 01 වනදා හදිසි නීතිය පැනවීමට තීරණය කළා. එසේම පැය 36ක් සඳහා අන්දිරිනීතියත් ප්‍රකාශයට පත්කළා. අප්‍රේල් 03 වනදා පැය 15ක් පමණ සමාජ මාධ්‍ය අවහිර කළා. එසේම පොලීසිය විසින් අනිසි සහ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය උද්ඝෝෂකයින්ට එරෙහිව භාවිත කෙරෙන බවටත් වාර්තා පළවෙනවා.”

“අපි රජයේ මෙම ක්‍රියා ගැන සැලකිලිමත් වෙනවා. අපි හිතන්නේ මෙම පියවරයන් ගෙන ඇත්තේ සාමකාමී උද්ඝෝෂණ හරහා නීත්‍යානුකූල ලෙස ජනතාව සිය දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම අධෛර්යමත් කිරීම සඳහා. ඔවුන් මහජනයාට වැදගත් කාරණා සම්බන්ධයෙන් අදහස් හුවමාරුවීම පාලනයට මෙවැනි පියවර ගන්නා බවක් පෙනෙනවා. හදිසි අවස්ථාවන් සම්බන්ධ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතු බවත් එය එය අවස්ථාවට උචිත ලෙස හැසිරවිය යුතු බවත් අපි ශ්‍රී ලංකා රජයට මතක් කරනවා. එසේම විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ සාමකාමී විරෝධතාවලට බාධා කිරීමට එය භාවිත නොකළ යුතුයි”.

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට එරෙහිව සංවිධානය කර ඇති මහජන උද්ඝෝෂණවලට එරෙහිව රජය විසින් “හදිසි නීතිය” සහ වෙනත් සීමා පැනවීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...