Breaking News

ඉන්දියාවේන් නොමිලේ දෙන වායු දුෂණය

2022 / 12 / 07, 08, 09 යන දිනයන්හි ලංකාව තුළ ඇති වූ වායු දූෂණ තත්ත්වය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් (CENS) ලංකාවේ ස්ථාන 21 ක තොරතුරු ලබා ගනිමින්, අන්තර්ජාලය හරහා සමීක්ෂණයක් සිදු කරන ලද අතර, එම සමීක්ෂණය සඳහා තඹුත්තේගම, පේරාදෙණිය, මොණරාගල, අලුත්ගම, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, කොළඹ, ගල්ගමුව ආදී ප්‍රදේශ රැසක වායු දූෂණ තත්ත්වයන් මැන බලන ලදී.

එම සමීක්ෂණය අනුව දෙසැම්බර් මස 07, 08 09 තෙදින තුළ අප සමීක්ෂණය කළ ස්ථාන 21 ක ත්‍රීකුණාමලයේ සාෆි නගර ප්‍රදේශය AQI 49 ලෙස සටහන් වූ අතර, දෙසැම්බර් 8 වන දින නුවරඑළිය ප්‍රදේශයේ 29 ලෙස සටහන් වී තිබේ . ඇමරිකානු Lung Association ආයතනයට අනුව AQI 0-50 ඒකකය පැවතීම වායු අතින් ඉතාමත් සෞඛ්‍ය සම්පන්න වාතයක් ආග්‍රහණය කිරීමට මිනිසුන්ට හැකි බව පෙන්වා දෙයි. ඒ අනුව ඉහත සඳහන් දින නුවරඑළිය ප්‍රදේශයේ ආශ්වාසයට ඉතාමත් හොඳ වාතාශ්‍රයක් පැවතුණු බව අපගේ සමීක්ෂණයට අනුව හෙළි වී ඇත.

මෙයට අමතරව රත්නපුර, කළුතර, ගාල්ල, හික්කඩුව, බදුල්ල වැනි ප්‍රදේශවල AQI ඒකකය සමීක්ෂණය සිදු කළ දින තුනෙහි 51-180 අතර වාර්තා වී ඇති අතර පෙනහළු පිළිබඳ අධ්‍යයනය කරන American Lung Association ආයතනයට අනුව සතුන්ගේ හා මහජනතාවගේ සෞඛ්‍යයට මෙය අහිතකර ලෙස බලපානු ලබන ඇත. ඔවුන් පෙන්වා දෙන අන්දමට හුස්ම ගැනීමේ ආබාධ වලින් පෙළෙන ජනතාව, ඇස් මා වැනි රෝග තත්ත්වයන් පෙන්නුම් කරන ජනතාවට, මෙය ඉතාම අහිතකර ලෙස බලපානු ලබන ඇති අතර සෑම විටම පිරිසුදු හුස්මක් ගන්න සත්ත්ව කොට්ඨාශවලට ඔහුන්ගේ සෞඛ්‍යයටත් මෙය අහිතකර ලෙස බලපානු ලබයි.

පර්යේෂණය සිදුකළ තෙදින තුළ අප පර්යේෂණය සිදුකළ ස්ථාන විසි එකෙන් රාජාංගනය, කුඩා වටගල, ගම්පහ, යාපනය, කොළඹ, මාලබේ, වේයන්ගොඩ ආදී ප්‍රදේශ රැසක් AQI අගය 150-250 අතර ප්‍රමාණයකින් වාර්තා වී ඇත. ඒ අනුව AQI ඒකකයේ තැඹිලි සහ රතු අගයන් ඉහත ස්ථානවල වාර්තා වී ඇත. මෙවැනි අවස්ථාවක ගෙයින් පිටතට යෑම පවා අවම කළ යුතු බවට ඇමරිකානු පෙනහලු පිළිබඳ අධ්‍යයනය කරන සංගමය සිය වාර්තාවල දක්වා ඇත. ඒ අනුව දෙසැම්බර් 7, 8, 9 දින තුනෙහි ලංකාවේ ඇති වූ වායු දූෂණ තත්ත්වය අප පර්යේෂණය කළ ස්ථාන විසි එකෙන් දෙකක් හැරෙන්නට ස්ථාන 19 හුස්ම ගැනීමට නුසුදුසු වායු තත්ත්වයක් වාර්තා කර ඇත.

මෙය ලංකාව තුළ වාර්තා වූ පළවෙනි අවස්ථාව නොවන අතර 2021 වසරේදීත් මෙවැනිම වායු දූෂණ තත්ත්වයක් රට තුළ ඇති විය. AQI 0-50 ඒකකය වන හා පසු කරන විට වායුගෝලයේ ඇති දූෂණ කාරක වායුව තුළ දූෂණ කාරක කුඩා අංශු, කර්මාන්ත ශාලාවලින් හෝ ගොවිබිම් වලින් නිකුත් කරන අළු, බලාගාර හා කර්මාන්තශාලා වලින් නිකුත් කරන දූෂණ කාරක වායුව, අධික වියළි ස්වභාවයක් පවතින ප්‍රදේශ වලින් නැගෙන දූවිලි අංශු, වාහන දුම්, වියළි ස්වභාවය සහ අධික සුළඟ නිසා වගාබිම් වලින් නිකුත් වෙන ලක්ෂ ගණනක් වූ පරාග මෙවැනි වායු දූෂණ කාරක තත්වයක් ඇති කිරීමට හේතු වේ.

ලංකාව තුළ ඇතිවුණ තත්ත්වය ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවේ වගා බිම් ගිනි තැබීම, මුම්බායි දිල්ලි වැනි වායු දූෂණය ඉතාමත් ඉහළ ප්‍රදේශවලින් එකතු වූ දූෂිත වායුව, ගල් අඟුරු දහනය නිසා ඇතිවූ බව හා සැකකාර කරක තත්ත්වයත්, කර්මාන්තශාලා සහ වාහන වලින් නිකුත් වූ අධික දුම් නිසාත් ඇති වූ තත්ත්වයක් බව අපට තේරුම් ගැනීමට හැකිය.

2021 වසරේ දී මෙවැනිම තත්ත්වයක් ඇතිවූ අතර එය වඩාත්ම බලපෑවේ කොළඹ ප්‍රදේශයටය. 2022 වසර තුළ ඇති වූ ඉතාමත් අහිතකර වායු දූෂණ තත්ත්වය මුළු ලංකාව පුරාවටම බලපෑ අතර යාපනය ප්‍රදේශයේ ගවයන් මියැදීමට මෙය හේතුවක් වශයෙන් දැක්විය හැකිය. නමුත් මේ වනතුරු සත්‍ය වශයෙන්ම මෙම වායු දූෂණ තත්ත්වය නිසා සතුන්ට සහ මිනිසුන්ට සිදු වූ හානිය ගණන් බලා නැති අතර ඇතැම් විට එහි තවත් බලපෑම් මාස කීපයකින් ඇති විය හැකිය. ඒ ශ්වසනාබාධ තත්වයන්ගෙන් සිදු වූ හානි මුල්කර ගනිමින් ය.

මෙවන් තත්ත්වයක් තුළ දී ලංකාවේ කාර්යයභාරය කුමක්ද…?

පාරිසරික තත්ත්වයන් අගයමින් මහජනතාවගේ හා රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හා එයට පෙරමුණ ගැනීම පරිසර අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ වගකීමකි. නමුත් මෙවන් තත්ත්වයකදී ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයකට ඇඟිල්ල දිගු කිරීම හෝ වන්දි ඉල්ලා සිටීම ලංකාව වැනි රජයක් සිදු කරන්නේ නැත. ඉන්දියාවේ පාරිසරික අමාත්‍යාංශය යටතේ ඇති CPCB මධ්‍යම පරිසර දූෂණ වැළැක්වීමේ මණ්ඩලය මගින් දිනපතාම වායු දූෂණය සම්බන්ධව පර්යේෂණ සිදුකරන අතර එම ආයතනය මගින් නිකුත් කරන වාර්තා කලින් අධ්‍යයනය කර ගැනීමට අපට හැකි නම්, මෙවන් තත්වයක දී අවම වශයෙන් ජනතාවට ආරක්ෂාකාරී පියවර ගැනීම සඳහා කලින් දැනුවත් කළ හැකිය.

නමුත් ලංකා රජය එවැනි දෙයක් වත් අවම වශයෙන් සිදුකරන්නේ නැත. මෙය එක රටක ගැටලුවක් නොව අප කලාපයටම මහත් ගැටලුවක් වී ඇති ප්‍රශ්නයක් වන නිසා අවම වශයෙන් ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියාතික රටවල් සමග පාරිසරික ව්‍යසනයන් අවම කර ගැනීම උදෙසා යම්කිසි එකඟතාවයකට පැමිණීමට ලංකා රජයට සිදුවනු ඇති අතර ඒ සඳහා සජීවී ලෙස උනන්දු විය යුතුය.

පර්යේෂණ කණ්ඩායම:- සිලිලා සඳවලා, ගයනි ගරුසිංහ, කාරියමඩිත්ත ඥානාරාම හිමි, නුවන් සඳකැලුම්, දිමුතු සඳරුවන් ( පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය )

leave a reply