මීළඟ අරගලයේ පෙරමුණ ගන්නෙ කාන්තාවො – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

Date:

පසුගිය අරගලය අවස්ථාවේ එයට නායකත්වය ලබාදුන්නේ තරුණයන් වුවත් හෙට දවසේ පැන නගින අරගලයේ ප්‍රමුඛතාවය ගන්නේ කාන්තාවන් බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා එරන්දි රණවීර පැවසුවේ හෙට දවසේ බඩගින්නට එරෙහිව පාරට බහින සියයට 52ක් වූ අපේ රටේ කාන්තාවන්ගේ සාපයෙන් ගැලවෙන්න පාලකයන්ට නොහැකිවනු ඇති බවයි.

කාන්තාවන් සමඟ එකට එකතුව අරගලය නැවත කැඳවීම සඳහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයද පෙරමුණ ගන්නා බව ඇය පවසයි. එරන්දි රණවීර පවසන්නේ දැනට පාලකයන් තාවකාලික වසන්තයක් භුක්ති විදිමින් සිටියත් හෙට දවසේ ජනතාව ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් පාරට බසින් බවද ඇය පවසයි. එලෙස පාරට බසින ජනතාව මර්දනයෙන් යටපත් කළ නොහැකිවනු ඇති බවද ඇය පැවසීය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...