මීළඟ අරගලයේ පෙරමුණ ගන්නෙ කාන්තාවො – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

පසුගිය අරගලය අවස්ථාවේ එයට නායකත්වය ලබාදුන්නේ තරුණයන් වුවත් හෙට දවසේ පැන නගින අරගලයේ ප්‍රමුඛතාවය ගන්නේ කාන්තාවන් බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා එරන්දි රණවීර පැවසුවේ හෙට දවසේ බඩගින්නට එරෙහිව පාරට බහින සියයට 52ක් වූ අපේ රටේ කාන්තාවන්ගේ සාපයෙන් ගැලවෙන්න පාලකයන්ට නොහැකිවනු ඇති බවයි.

කාන්තාවන් සමඟ එකට එකතුව අරගලය නැවත කැඳවීම සඳහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයද පෙරමුණ ගන්නා බව ඇය පවසයි. එරන්දි රණවීර පවසන්නේ දැනට පාලකයන් තාවකාලික වසන්තයක් භුක්ති විදිමින් සිටියත් හෙට දවසේ ජනතාව ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් පාරට බසින් බවද ඇය පවසයි. එලෙස පාරට බසින ජනතාව මර්දනයෙන් යටපත් කළ නොහැකිවනු ඇති බවද ඇය පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...