විදුලි බල අර්බුදය උග්‍ර අතට

Date:

බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට (24) රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලිය නිෂ්පාදනය ඊයේ (22) දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 25 දක්වා පහළ බැස තිබූ අතර ගල්අඟුරු, ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය සියයට 72 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක පමණ ධාරිතාවක් එක් කරන සපුගස්කන්ද බලාගාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන්නේ එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය දැවිතෙල් අවසන්වීම හේතුවෙනි.

විදුලි ඉංජිනේරු සංගමය අනාවරණ කරන ආකාරයට මෙගාවොට් 60ක පමණ කොළඹ වරායේ ස්ථාපිත පාවෙන විදුලි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් පවතින්නේ තවත් දින එකහමාරක පමණ කාලයකටය.

මෙගාවොට් 24ක ධාරිතාවක් සහිත උතුරු ජනනී විදුලි බලාගාරයේද දැවිතෙල් හා ඩීසල් අවසන්වෙමින් ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනය වනවිට මෙගාවොට් 183ක් පමණ ජාතික පද්ධතියට අහිමිවීමට නියමිතය.

ඒ අතරවාරයේ ජාතික පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කරන යුගදනවි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් අනිවාර්යයෙන් ආනයනය කළ යුතුව තිබේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...